ආන්දෝලනාත්මක චීන නැව පිළිගන්න විමල්ලා හම්බන්තොට ගිහින්…

ආන්දෝලනාත්මක චීන නෞකාව හම්බන්තොටට පැමිණීම වෙනුවෙන්  චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ විශේෂ උත්සව අවස්ථාවට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, ඇතුළු ස්වාධීන කණ්ඩායමේ පක්ෂ 10 නියෝනයන් සහභාගී වී තිබිණි.

මෙම නෞකාව පැමිණීමට සම්බන්ධව ඉන්දීය විරෝධය මතුවන අවස්ථාවේ දී නෞකාවට හම්බන්තොටට පැමිණීමේ අවසරය ලබා දිය යුතු බවට බලපෑම් කළ ප්‍රධාන  දේශපාලකයා වූයේ  විමල් වීරවංශය.

මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම ඉන්දියාවේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව දන්වා එහි පැමිණීම සම්බන්ධව ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිය කනස්සල්ල ලංකාව වෙත දන්වා තිබිණි.

කෙසේ වෙතත්  ඉන්දියානු ඩෝනියර් සමුද්‍ර නීරීක්ෂණ ගුවන් යානය පිළිගැන්වීම සඳහා ඉන්දීය තානාපති කාර්යාලය විසින් උත්සවයක් සංවිධානය කිරීමත් සමග ඉතාම කඩිමුඩියේ චීන තානාපති කාර්යාලය යුආන් වැන් 05 නෞකාව හම්බන්තොටට පැමිණීම සැමරීමට උත්සවයක් සංවිධානය කළ බව වාර්තා විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෞකාවක් වරායකට පැමිණීම උත්සවශ්‍රීයෙන් සැමරිය යුතු අවස්ථාවක් නොවුනත් මෙම නෞකාව සම්බන්ධව ඇතිවූ රාජ්‍ය තාන්ත්‍රික විඝටනය නිසාම චීන තානාපති කාර්යාලය මෙම පියවර ගත් බව වාර්තා වේ.

Exit mobile version