“ආනවිලුන්දාවට කිසිම පරිසර හානියක් වෙලා නෑ” – සනත් නිශාන්ත දිවුරයි

ආනවිලුන්දාවේ කිසිම පාරිසරික හානියක් සිදු වී නඇති බව ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පැවසීය.

පසුගිය දිනවල ආනවිලුන්දාවට මහා පරිසර විනාශයක් සිදු වූ බවට මාධයය මගින් පුලුල් ප්‍රචාරයක් ගෙන ගිය නමුත් ඒ පිළිබඳව තමා ස්ථානීය පරීක්ෂාවක් සිදුකළ බවත් ඉන් තහවුරු වුනේ පරිසරයට කිසිම හානියක් සිදුවී නැති බවත් යැයි ඇමති දංකොටුව ප්‍රදේශයේ දී ඊයේ (01) පැවති උත්සවයක දී සඳහන් කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මෙසේ ද පැවසීය.


“ පසුගිය දා ජනාධිපතිවරයා කතා කරලා ඇහුවා නිශාන්ත, අනාවිලුනදාව සම්බන්ධයෙන් ඔය සමාජ මාධ්‍ය ජාලාවල යන කතාව මොකක් ද?. මොකක්ද ඒකට ඔයාගෙ සම්බන්ධයක් තියනව ද? කියලා. මම ජනාධිපතිතුමාට කිව්වා මේ කිසිදු දේකට මගේ සම්බන්ධයක් නෑ,… වචනයෙන් හරි සම්බන්ධයක් තියනවා නම් ඕනෑම දඬුවමක් විඳින්න සූදානම් කියලා. නමුත් මේක මගෙ ප්‍රදේශය. මේ මගෙ ඡන්ද දායකයො. මේක මගෙ ඡන්ද දායකයෙක් කරපු වැඩක් කියලා මා ජනාධිපතිතුමාට කීවා.

පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල මා දැක්කා මෙම රැම්සා තෙත් බිමේ ඉස්සන් පොකුණක් හදන්න පෙර හා හැදුවට පසු කියලා නිර්මාණ කර තිබෙන සටහන්. එහෙම එකක් නෑ. ඒවා සියල්ල අසත්‍යය බව කිය යුතුයි. මේ සිදුවෙලා යැයි කියන අපරාධයට බලන්න මා එම ස්ථානයට ගියා. ස්ථානීය පරීක්ෂාවක් කළා. මා ඇස් දෙකෙන්ම දැක්කා කිසිදු හානිකය් සිදු වී නෑ කියලා.

රැම්සා තෙත්බිමක් විදිහට මෙය නම් කරන්නෙ 2002 වසරෙ අග භාගයෙ. ජත්‍යන්තර රම්මාස ගිවිසුම අත්සන් කළ පසුයි. ඒ වගේම කුරුළු අභය භූමියක් ලෙසත්, වනජීවි සහ වන සංරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් නම් වෙනවා. මේ ප්‍රදේශය ග්‍රාම සේවා වසම් හයක් පුරාවට විසිරි ඇති මහා භූමි භාගයක් බව කිව යුතුයි. මේ ප්‍රදේශයේ වර්ෂ 2001 දි ඉස්සන් කර්මාන්තය ආරම්භ කළා.

අද එක්සත් ජාතික පක්ෂයෙ සමහර උදවිය තප්පුලනවා රැම්සා තෙත්බිම් කලාපයට හානි සිදුවුණා කියලා. නමුත් මෙමගින් පරිසරයට හානියක් සිදුවෙලා නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩෝසරයක් යොදාගෙන පැවති පොකුණක් සුද්ද කරලා තියනවා. මේ කටයුත්තට මගේ කිසිම සම්බන්ධයක් නෑ. නමුත් මෙම ක්‍රියාවෙන් රැම්සා තෙත් බිමට කිසිම හානියක් සිදුවෙලා නෑ. එය මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

Exit mobile version