ආනයන තහනම පුස්සක්… රටට බදු මුදල් අහිමි කරමින් තහනම් භාණ්ඩ වෙබ් අඩවි හරහා ගෙදරටම…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙළිදරව් කරයි....

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩොරලය ස්ථාවරව තබා ගැනීම සදහා සමහර ආනයනික භාණ්ඩ ආනයනය තහනම් කලද අන්තර්ජාලය හරහා එම භාණ්ඩ හා වෙනත් භාණ්ඩ රට තුළට ගෙන්වීම නිසා විශාල විදේශ විනියම ප්‍රමාණයක් අහිමි අහිමිවුවත් එම ආනයන නවතා දැමීම සදහා රජය කටයුතු නොකිරීමෙන් සමස්ථ ආර්ථිකයම ව්‍යසනයට ලක්වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2020/05/22 දින මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් මෙරටට අත්‍යවශ්‍ය නොවන බවට හඳුනාගන්නා ලද භාණ්ඩ ලැයිස්තුවක් මෙරටට තාවකාලිකව ආනයනය කිරීම තහනම් කර ඇති පරිසරයක එම ගැසට්පත්‍රය මගින් තහනම් කර ඇති භාණ්ඩ අන්තර්ජාලයෙන් වෙබ් අඩවි හරහා මෙරටට ආනයනය කිරීමට හැකි වීම නිසා මෙම තහනම පලදායී නොවන බව ද එම සංගමය පෙන්වා දෙයි.

ආනයනය සඳහා රජයට කිසිදු බදු මුදලක් නොගෙවා කරන මෙම වෙළෙඳ කටයුතු නිසා මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් සාක්ෂාත් කරගැනීමට උත්සහකළ කිසිම අරමුණක් ඉටු නොවන බවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී භාණ්ඩ මිල ඉහළයාම සිදුවනවා පමණක් නොව පාරිභෝගිකයාගේ ජීවිත ද අනතුරේ හෙළීමක්ද සිදුවන බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ආනයන තහනමට පෙර මෙරට ව්‍යාපාරිකයින්ට මෙරටට භාණ්ඩ ආනයනය කළේ ශ්‍රී ලංකා රේගුව වෙත අදාල බදු මුදල් ගෙවීමෙන් පසුවය. මෙරටට ආනයනය කිරීමට අවසර නොමැති භාණ්ඩ මෙසේ අන්තර් ජාලය හරහා ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වන අතර එම බදු අහිමිවීමේ පාපයට කරගැසීමට සිදුවන්නේ මෙරට පාරිභෝගිකකයින්ටම වීම කණගාටුදායකය.

නිසි නිසි ක්‍රමෙව්දය අනුගමනය කරමින් මෙරටට එම භාණ්ඩ ආනයනය කිරීම මගින් මෙරටට විශාල බදු ආදායමක් ලැබෙනවා පමණක් ඒම භාණ්ඩ සඳහා අගයක් එකතු කර (Value Added)සාධාරණ මිලට දේශීය වෙළදපොළ තුළින් භාණ්ඩ ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකියාවක්ද ලැබේ. තවද සමහර භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම අනිවාර්යය කර ඇත. විශේෂයෙන්ම ළදරු කිරි බෝතල් සදහා එසේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වුවද ඔන් ලයින් ක්‍රමයට වෙබ් අඩවි හරහා ළදරු කිරි බෝතල ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම සිදුනොකිරීමෙන් ළදරුවන්ගේ ජීවිත අනතුරේ දැමීමක් සිදුකරනු ලබයි.

තවද අන්තර් ජාලය මගින් සමහර ආහාර වර්ග ආනයනය කිරීමට ඉඩදීමෙන් සිදුවන්නේ ප්‍රමිතියක් නොමැති ආහාර ද්‍රව්‍ය මෙරට තුළට ආනයනය කිරීම වන අතර එම ආහාර පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයාගේ ජීවිත අනතුරේ හෙළිමක් සිදුවනු ලබයි. අනෙක් අතට ආගම හා සම්බන්ධ වූ භාණ්ඩ මෙසේ ආනයනය කිරීමට ඉඩ ලබා දීමෙන් ආගම් අතර ගැටීමක් ඇතිවීමටද ඉඩ ඇත.

විදේශිය රටවල වෙබ් අඩවි පොහොසත් කරමින් අප රට බංකොලොත් කරන මෙම ක්‍රමවේදය වහාම නවතා දමන ලෙස හෝ තාවකාලිකව ආනයනය කිරීම තහනම් කොට ඇති භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී අදාල බදු මුදල් ගෙවීමට නිසි ක්‍රමවේදයක් සකසන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

ගැසට් අංක 2176/19 මගින් හා වෙනත් නීති මගින් මෙරටට ආනයනය කිරීම තහනම් කර ඇති හා ආනයනය කරනු ලබන අවස්ථාවේ බදු ගෙවිය යුතු අයිතමයන් කිහිපයක් පහත සදහන් කරමු.

Exit mobile version