ආනන්ද හාමුදුරුවන් කුලපති කරන නොකරන තීන්දුව අධිකරණයෙන් එනතුරු ඇමති ඉවසිල්ලෙන්…

Muruththettuwe-Ananda

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්විද්‍යාලයේ  කුලපති ධූරයට පත් කිරීම හෝ නොකිරීම සම්බන්ධව අවසන් තීන්දුව ලැබෙනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බවත් එම තීන්දුව එන තුරු ඉවසිල්මත්ව බලා සිටින බවත් අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

කුලපති තනතුරට අදාලව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවි විසින් 2018.06.08 වන දින නිකුත් කර තිබූ විශ්විද්‍යාල කොමිෂන් සභා චක්‍රලේඛණ  අංක 4/2018 චක්‍රලේඛණය, අනුව අවලංගු කර ඇති බවත් ඒ වෙනුවට 2020.05.04 දින ඇතිව චක්‍රලේඛණ අංක 2/2020 දරන චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් අධ්‍යාපන ඇමතිවරයා කීවේය.


කුලපති තනතුර සඳහා පත්කිරීම පිලිබඳව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නව චක්‍රලේඛණ  2/ 2020  නිකුත් කිරීමෙන් පසු එම චක්‍රලේඛණය නිකුත් කිරීම අභියෝගයට ලක් කරමින්  කුලපති තනතුර සඳහා අපේක්ෂකයෙක්  ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු දෙකක් ගොනු කර ඇති බව කී ඇමතිවරයා   කුලපති තනතුර සඳහා පත්කිරීමේ අධිකාරියට එම අපේක්ෂකයා විසින් නාමයෝජනා නිකුත් කර තිබුණේ පෙර පැවති 2018 චක්‍රලේඛනය පදනම් කරගෙන බව කීවේය.

පත්කිරීමේ අධිකාරියෙන් එම අපේක්ෂකයා  කුලපති ලෙස පත් නොකිරීම නිසා ඔහු  ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර ඇති බව පැවසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශ්විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති 2 / 2020ට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ගත් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව අධ්‍යාපන ඇමතිවරයා කීවේය.

Exit mobile version