ආදාහයනට විරෝධය පා ඥාතීන් කොවිඩ් මල සිරුර පේරාදෙණිය රෝහලේ අත්හැර ගිහින්…

මහනුවර පළමු කොවිඩ් මරණය අර්බුදයක්..

මහනුවර    මුල්ම කොවිඩ් මරණය ලෙස අද (30) වාර්තා වුණු  මුස්ලිම් ජාතික පුද්ගලයාගේ මෘත ශරීරිය භූමිදානයට ඉඩ නොදීම නිසා එම සිරුර භාර ගැනීමටත්, මරණ සහතිකය රැගෙන යෑමටත්,  ජාත්‍යාන්තර නිරෝධායන නීති ප්‍රකාරව සිදුකරන ආදාහනයට අවශ්‍ය කිසිම මුදලක් ලබා නොදීමටත් කටයුතු කළ මිය ගිය අයගේ ඥාතීහු මල සිරුර පේරාදෙණිය රෝහලේ දමා මීට ස්වල්ප වෙලාවකට පෙර පිටව ගොස් ඇත.

අසනීප තත්වයක් නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ඒමේ දී ජීවිතක්ෂයට පත් වූ 73 හැවිරිදි පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාගත් පී.සී.ආර්. වාර්තාවලින් සනාථ වූ බව පේරාදෙණිය රෝහලේ හදිසි මරණ පරික්ෂක අමල් ජයවර්ධන පැවසුවේය.

එසේ තහවුරු වීමත් සමග කඩිනමින් දේහය ආදහනය කළ යුතු නිසා පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයාත්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත්, හදිසි මරණ පරීක්ෂකවරයාත් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා මහයියාව ආදාහනාගාරය රාත්‍රී 7ට කාලය වෙන් කරගෙන ඇත.


එහෙත් මේ අවස්ථාවේ රෝගියාගේ ඥාතීහු දැඩි විරෝධය දක්වමින් දේහය භූමිදාන කිරීමට අවශ්‍ය බව දන්වා මරණ සහතිකයත් ප්‍රතික්ෂේප කර, ආදාහනය සඳහා අවශ්‍ය පෙට්ටිය, බහාලුම්, අදාහනාගර වියදම් වලට අවශ්‍ය මූලික ගෙවීම් සිදු නොකර  රෝහලින් පිටව ගොස් ඇත.

මේ වනවිට කොවිඩ් ආසාදිත මිය ගිය පුද්ගලයාගේ දේහය මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණයක තැන්පත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මල සිරුර ඥාතීන් විසින් භාර නොගතහොත් අධිකරණ නියෝගයක් මත ආදාහනය කරන බව මේ පිලිබඳව කළ විමසීමක දී පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පැවසීය.

Exit mobile version