බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව මන්නාරම සුළං විදුලි බලාගාරය හදන්නේ මිනිස්සුන්ගේ ජීවිත පොඩි කර දමා ද?

by editor
සැප්තැම්බර් 27, 2025 - Updated on සැප්තැම්බර් 28, 2025
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

දියසේන රතුගමගේ –

මන්නාරම යලිත් ගිනිගෙනය. සඳුදා දිනයේ මන්නාරමම එකම විරෝධතා භූමයක් බවට පත් කරන බවට මේ වනවිට උද්ඝෝෂකයින් සහතික කර ඇත.

මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නවත්වන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැණීම් නවත්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ දිනයේ දී උද්ඝෝෂණයේ යෙදී උන්හ.

මන්නාරම සුළං විදුලි බලාගාරය සැදීමට එරෙහිව දියත් කර ඇති මහජන උද්ඝෝෂණයේ නියමුවන් වන්නේ මන්නාරම පුරවැසි කමිටුවය. ප්‍රදේශය පුරා බහුජන සංවිධාන රාශියක් එක් කරමින් මේ විරෝධතාවය පුරා දින 55ක් තිස්සේ පවත්වාගෙන යන්නේ ඔවුන්ය. මේ විරෝධතා නොසලකා සුළං විදුලි බලාගාරය මන්නාරම් දූපතේ ඉදිකිරීම සඳහා අවශ්‍ය ටර්බයින් ඇතුළු උපකරණ ත්‍රීකුණාමලයේ සිට මන්නාරමට රැගෙන ඒමට ඊයේ දෙවැනි වරටත් රජය කටයුතු කළේය. ඒ අවස්ථාවේ දී විරෝධතාවය ඇවිලී ගියේය.

මින් පෙර අගෝස්තු මස 11 වැනිදා මෙම ටර්බයින සහිත යන්ත්‍ර ඇතුළත් රථ මන්නාරමට රැගෙන එන්නට රජය උත්සාහ කළේය. දැඩි විරෝධතාවයක් ඒ අවස්ථාවේ දී ද ඇති විනි. මන්නාරම පාලම අසල රථ නතර කිරීමට සිදුවිය. රථවලට දැඩි පොලිස් ආරක්ෂාවක් සැපයිනි. නැවත එම රථ හරවාගෙන යෑමට රජයට සිදුවන්නේ දැඩි මහජන විරෝධය හමුවේය.

දෙවැනි උත්සාහය දරන්නේ ඊයේ දිනයේ දී ය. ඊට මතුවන්නේ මුල්වරටත් වඩා වැඩි ජනතා ප්‍රතිරෝධයකි. විරෝධතා කරුවන් දහසකට වැඩි ජන පිරිසක් අතර කාන්තාවෝ ද විශාල ප්‍රමාණයක් උන්හ. ඔවුන් යන්ත්‍රෝපකරණ සහිත රථවල ගමනාගමනය වළක්වමින් මහ පාර හරස් කර ඉඳගෙන විරෝධතාවයේ නිරත වූහ. ඒ අවස්ථාවේ දී පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවන අයුරු දුටුවෙමු. තිදෙනෙක් තුවාල ලදහ. ඔවුන් මන්නාරම රෝහලට අතුළු කළේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජනතාව ආණ්ඩුවට බැන්නේය. ජනාධිපතිවරයාට බැන්නේය. පොලිසියට හොඳටම බැන්නේය. ඔවුන් කීවේ ආණ්ඩුවේ පොලිසිය ජීවත්වීමේ අයිතිය ඉල්ලන මිනිස්සුන්ට පහර දුන් බවය. පොලිසිය කියන්නේ විරෝධතාකරුවන් මහ මග හරස් කළ විට ඔවුන් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළා විනා කිසිම අවස්ථාවක විරෝධතාකරුවන්ට පහර දුන්නේ නැති බවය.

ජනතාව මාර්ගයෙන් බලහත්කාරයෙන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ රථ පෙළ මන්නාරම නගරයට ඇතුළු කර ඉදිකිරීම් ස්ථානය වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කළේය. ඉන් අනතුරුව අප දකින්නේ දැඩි ලෙස ආවේගශීලී වන ජනතාවකි.

මොකක් ද මේ විරෝධතාවය

මන්නාරම නගරය තුළ සුළං විදුලි බලාගාර ඉදිකිරීම නැවැත්විය යුතු බව විරෝධතාකරුවෝ කියති. ඔවුන් කියන්නේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට ඔවුන් දැඩි ලෙස එරෙහි බවය.
මන්නාරම සිවිල් කමිටු ක්‍රියාකාරි ඒ.පී.එෆ්. රෝජන් බීබීසී සිංහල සේවය වෙත මෙසේ කියා තිබිණි.

“මන්නාරම දිස්ත්‍රික්කයේ මේ වන විට සුළං බලාගාර ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන්න පිඹුරුපත් සකස් කරලා තිබෙනවා කියලා තමයි අපි දන්නේ.”

“අලුතෙන් ම මන්නාරම තාරාපුරම් ඉඳලා තාල්පාඩු දක්වා වෙරළ සීමාවේ සුළං ටර්බයින් හතරක් හදන්න තමයි ඔය ටර්බයින් උපකරණ මේ දවස්වල ගේන්නේ.”

“ඒ වගේ ම මන්නාරම කොන්තෙයිකුඩිඉරිප්ප හා පේසාලෙයි ප්‍රදේශයේ තවත් සුළං බලාගාර ව්‍යාපෘති දෙකක් කරන්න පස් පරීක්ෂා කිරීමක් කරලා තිබෙනවා.ඒ වගේම තවත් බහු ජාතික සාමාගම් කිහිපයක් මන්නාරම දූපතේ සුළං බලාගාර හදන්න යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා කියලා ආරංචියි.”

“මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මන්නාරම දූපතේ සුළං බලාගාර නැවත ඇති කරන්නේ නෑ කියලා.ඒත් මේ යන විදිය දැක්කාම අපිට හරි කණගාටුවක් ඇති වෙනවා ආණ්ඩුවේ ක්‍රියාවලිය ගැන.”

මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති අරුතන්දෙයි මාර්කස් කියන්නේ මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඉල්මනයිට් ඛනිජ වැලි කැණීමට හා මන්නාරම දූපතේ සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.

“මන්නාරම සුළං බලාගාර දෙවන ව්‍යාපෘතිය සඳහා මේ දිනවල රාත්‍රී කාලයේ ටර්බයින් හා ටර්බයිනවලට සවි කරන දැති ගේනවා. දැන් මේ දෙවැනි සුළං බලාගාර වැඩසටහන ආරම්භ කරමින් තිබෙන්නේ.”

“ආරම්භ කරලා තිබෙන පළමු සුළං බලාගාර වැඩසටහන හින්දා ප්‍රදේශයේ ජනතාව ගැටලු රැසකට මුහුණ දීලා තිබෙනවා. දැන් දෙවැනි වැඩසටහනත් ආරම්භ කළොත් මන්නාරම ජනතාවට තවත් ගැටලු රැසකට මුහුණ දෙන්න වෙයි,” ඔහු සඳහන් කළේ ය.

“දැන් ඇති. කරලා තිබෙන සුළං බලාගාර වැඩසටහන හින්දා වැසි සමයේ අප ජලය මුහුදට ගලාගෙන ගිය ඇළ මාර්ග සියල්ල වහලා තිබෙන්නේ. ඒ හින්දා වැසි කාලයට ජලය ගලාගෙන යන්න ක්‍රමයක් නෑ. වැසි ජලය ගලාගෙන යන්න තැනක් නැති හින්දා වැස්සට එකතු වෙන වතුර ඔක්කෝම ගම්වල රැඳිලා තිබෙනවා. ඒ හින්දා වැහි කාලයේ ජල ගැලීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා.”

“ඒත් එක්කම මේ සුළං බලාගාර හින්දා සංචාරක කුරුල්ලන්ට මන්නාරම දූපතට පැමිණීමේදී ගැටලු ඇති වෙලා තිබෙනවා. කුරුල්ලන් පැමිණීමේ මාර්ග අවහිර කරලා තමයි සුළං බලාගාර හදලා තිබෙන්නේ. ඒ හින්දා සංචාරක කර්මාන්තයටත් බලපෑම් එල්ල වෙලා තිබෙනවා.”

“කුරුල්ලෝ එන කාලයට දූපතට එන සංචාරකයෝ කුරුල්ලන් නැති නිසා දැන් එන්නේ නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ. මේ වාගේ ගැටලු රැසක් දැනට තිබෙන සුළං බලාගාර හින්දා ඇති වෙලා තිබෙනවා. තවත් සුළං බලාගාරයක් හැදුවොත් මේ ප්‍රශ්න දෙගුණ වෙයි කියලා තමයි අපි හිතන්නේ. ඒ හින්දා නැවත සුළං බලාගාර වැඩසටහනක් මන්නාරම දූපතට ඕනේ නෑ,” මාරක්ස් කියන්නේ එසේය.

ජනාධිපතිවරයා මන්නාරම ජනතාව ඇන්දුව ද?

එක් පැත්තකින් ජනතා විරෝධයක් මතුවන්නේය. අනෙක් පැත්තේ ජාතික වැදගත්කමක් සහිත අති විශේෂ කටයුත්තක් වන මන්නාරමේ මෙගාවොට් 20ක සහ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම්වලට
ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර මේ වනවිට ඉදිකිරීම් ආරම්භ කර තිබෙන්නේය. එහෙත් ජනතාවගේ විරෝධය පිළිබඳ සලකා බලා පසුගිය අගෝස්තු මස 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී තීරණය වන්නේ මාසයක කාලයකට ව්‍යාපෘතිය අත් හිටුවන්නේය.

එහෙත් ඒ සාධනීය පූර්ව එකඟතා බිඳ දමමින් ජනාධිපතිවරයා හැසිරෙන්නේ ප්‍රශ්නකාරී ලෙස බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ ප්‍රශන කරන අයුරු දුටුවෙමු. ඔහු කියන්නේ මෙවැන්නකි.

“මීට මාස එක හමාරකට කලින් ජනාධිපතිවරයා මන්නාරමේ පුරවැසි කමිටුවට සාකච්ඡාවක් දුන්නා. එහිදී ජනාධිපතිවරයා පොරොන්දු වුනා මේ ප්‍රශ්නය ගැන අධ්‍යයනය කරලා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාගෙන ජනතාවගේ ජීවිතවලට බලපෑම් නොවන ආකාරයෙන් කටයුතු සැලසුම් කරන්න. ”

“ඊට පස්සේ තමයි 19 වැනිදා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ජනාධිපතිවරයාට එම වාර්තාව භාර දුන්නා. මේක අධ්‍යයනය කරන්න සතියක් විතරය යනවා. සතියකට පස්සේ අධ්‍යයනයක් කරලා නැවත සාකච්ඡාවක් දෙන්නම් කියලා ජනාධිපිත ලේකම් කාර්යලයෙන් මේ මිනිස්සුන්ට කියනවා. ”

“එහෙම ජනතාවට බොරු කියලා 22 වැනිදා බලශක්ති අමාත්‍යාංශය මේ බලාගාරය ඉදිකරන්න අවශ්‍ය උපකරණ ගෙනියන්න අනුමැතිය ලබා දුන්නා. මන්නාරමේ ජනතාවට දියත් කර ඇති අරගලයට ඊයේ රාත්‍රියේ එල්ල කරනු ලැබූ පොලිස් ප්‍රහාරය විසින් පෙන්නවා ආණ්ඩුව මොන තරම් ජනතා විරෝධී ක්‍රියාකාරිත්වයකට පාර කපන් යනවා ද කියලා. ඒ මර්ධනය දියත් කරන්නේ ආණ්ඩුවට ලැබුණ ජන වරම පාවිච්චි කරලා. පුබුදු කීවේය.”

ජාතියට එ් සුළං විදුලි බලාගාර අවශ්‍ය ය. එහෙත් මන්නාරමේ ජනතාව බලාගාරය මන්නාරමට එපා කියන්නේය. රැවුල මෙන්ම කඳත් අවශ්‍යය. මේ විරෝධතාව දක්වන ජනතාව කුඩුපට්ටම් කරගෙන ගොස් මන්නාරමේ හදන බලාගාරවල වටිනාකම බොහෝම සිල්ලරය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නා උයන ඛේදවාචකය – රුසියානු ජාතික හිමිනම ඇතුළු හිමිවරු 05 දෙනෙකුගේ අවසන් පූජෝත්සවය අද සවස 4ට පන්සිල්ගොඩ සුසාන භූමියේ දී

Next Post

පාතාල අපරාධකරුවන් 328ක් පොලිස් අත් අඩංගුවේ… ඒ අතර පාතාල වෙඩික්කරුවන් 38ක්…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.