ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන පරක්කු කිරීමේ දේශපාලන හේතුව ශෙහාන් සේමසිංහ හෙළි කරයි!

පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කටයුතු කඩිනම් නොකරන්නේ එම සිද්ධියේ ප්‍රධාන චූදිතයෙක්වන හිටපු ජනාධිපතිවරයා තමන්ගේ ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් වීම නිසා බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පවසයි.

ඔහු මේ බව අද පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් මාධ්‍යය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

ඔහු මෙසේ පැවසුවේය.


“මේ රජයට තියන එක් චෝදනාවක් තමයි  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තියන විමර්ශන කටයුතු කඩිනම් නොකිරීම.

මේ චෝදනාවට අපි ලක්වෙලා ඉන්නෙ ඇයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ පාර්ශව කරුවෙක් හැටියට කටයුතු කිරීම නිසා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ පාස්කු කොමිසම විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිටුපස දැඩි දේශපාලන බලපෑමක් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානෝ අවස්ථා ගණනාවක දීම ප්‍රකාශ කළහ.

Exit mobile version