ආණ්ඩුව ගොල්ෆේස් ජනතා අරගලය මර්ධනය කිරීමේ සූදානමක!…

අද අළුයම   පනස් දහසකට අධික පිරිසක් ගෝල්ෆේස් අරගල භූමයට එකතු වීමත් සමග අද උදෑසන වනවිට දැවැන්ත ආරක්ෂක ට්‍රක් රථ ප්‍රමාණයක් ගාලුමුවදොර පිටියට ගාල් කිරීමට රජය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර  ත්‍රිවිධ හමුදාවම යොදවා නිරායුද  මිනිසුන්ගේ ගෝල්ෆේස් ජනතා විරෝධය මර්ධනය  කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

ඊයේ රාත්‍රියේ විශේෂ නිවේදනයක් නිකුත් කළ ඕමල්පේ සෝබිත හිමියන් මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ රජය ගෝල්ෆේස් සාමකාමී අරගලය ලේ විලක් කිරීමේ සැලසුමක ඇති බවත් වහාම ඊලඟ පියවරට යමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලෙසත්ය.


අරගලබිමේ සිටින පිරිස් පවසන්නේ    අද අලුයම මෙන්ම මින් අවස්ථා කීපයකදීම  ජනතාව අඩුවීමත් සමග අරගල කරුවන් හා ගැටුමක් ඇති කරගැනීමට රජයේ පාර්ශවයෙන් කටයුතු කර ඇති බවය. අරගල කරුවන්ගේ කූඩාරම්වලට අයිස් මත්ද්‍රව්‍ය යොදා ඔවුන්ව අත්අඩංගුවට ගැනිමේ වෑයමක් ද මින් පෙර සමාජ මධ්‍ය  විසින් හෙළි කළේය.

පසුගිය වකවානුව තුළ විශාල බුද්ධි අංශ නිලධාරින් සංඛ්‍යාවක් යොදා ලබා ගත් දත්ත ප්‍රකාරව ගෝල්ෆේස් භූමියට සාමාන්‍ය ජනයා පැමිණිම වැලැක්වීමත් හෙට සහ අනිද්දා සංවිධානය කර ඇති දේශපාල විරෝධතා වැලැක්වීමත් සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාර්තා පල වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සඳුදා නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී   රජය ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිත්, අගමැතිත්, ඔහු සමීප ආණ්ඩුවේ බලවතුනුත් තීරණය කර තිබේ.

Exit mobile version