ආණ්ඩුව එපා කීවත් වාහන “ඇරියස්“ වාහන “සීස්“ කිරීම දිගටම

කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන ලීසිං වාරික ගෙවීම් ප්‍රමාද වූ රථ වාහන සීසර් වරුන් මගින් අත්පත් කර නොගන්නා ලෙසට රජය මහ මුදල් අමාත්‍යාංශයත් මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබියදීත් එම උපදෙස් නොතකා මූල්‍ය ආයතන කටයුතු කරමින් සිටින බව ලංකාසර ට වාර්තා වේ.

යුද හමුදා සේවයේ නිරතව සිටින දෙමටගොඩ ආරාමය පාරේ සෙබලෙකුගේ නිවසකට අද දහවල් දෙමටගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් සමග සීසර්වරුන් පැමිණ ඇත්තේ එම සෙබලා විසින් ලීසිං පහසුකම යටතේ ලබා ගත් යතුරු පැදියක් රැගෙන යන්නටය.

ඒ වන විට නිවසේ එම සෙබලා සිට නැති අතර දෙමටගොඩ පොලීසියේ නිලධාරීන් උත්සහ දරා ඇත්තේ එම යතුරු පැදිය සීසර්වරුන් අතට පත්කරන්නටය. ඊට සෙබලාගේ සහෝදරයකු දැක්වූ විරෝධය හේතුවෙන් සීසර්වර්න් සමග පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.


මෙසේ සීසර්වරුන් පොලීසියත් සමග යතුරුපැදිය රැගෙන යන්නට පැමිණ ඇත්තේද වාරික හතරක් යතුරු පැදියට ගෙවා නොමැති අවස්ථාවකදීය.
එසේම එම යතුරු පැදියේ එම වාරික හැරුණු කොට ලීසිං ගෙවා අවසන් කිරීමට ඉතිරිව ඇත්තේද රුපියල් 20000 ක් පමණකි.

ලංකාවේ ප්‍රමුඛතම ලීසිං සමාගමකට සම්බන්ධ සීසර්වරුන් එසේ පැමිණ ඇති අතර පොලීසිය සීසර්වරුන් සමග පැමිණ ඇත්තේද ලීසිං වාහන අත්පත්කර ගැනීම් වලට පොලීසියට මැදිහත්වන්නට එපා යැයි පොලිස් මූලස්ථානයෙන් නිල දැනුම්දීමක් පවා කර තිබියදීය. සුළු පැමිණිල්ලක් පවා විභාග කරන්නට මෙතරම් උනන්දුවක් නොදක්වන පොලීසිය සීසර්වරුන් සමග එසේ යාමෙන්ම පෙනී යන්නේ යම් වාසියක් මුල්කරගෙන ගොස් ඇති බවකි.

යම් වාහනයක් එහි හිමිකරුවන්ගේ කැමැත්තෙන් තොරව ලීසිං ගෙවා නැතැයි කියා සීසරුවරුන් රැගෙන යන්නේ නම් එය මංකොල්ලයක් සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද පොලීසියට පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලබාදී තිබේ. වාරික නොගෙවන වාහන සම්බන්ධයෙන් ලීසිං සමාගම්වලට දැනුම් දී ඇත්තේ හිමිකරුවන්ගේ කැමැත්ත මත අත්පත්කර ගන්නා ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ නොමැති නම් නීත්‍යනුකූලව නඩු මගින් වාහන අත්පත්කර ගන්නා ලෙසටය. එසේ නොමැතිව මැරයන් යොදා එම කටයුත්ත නොකරන ලෙසටද උපදෙස් දී තිබියදී දෙමටගොඩ පොලීසිය යතුරු පැදියක් අත්පත්කර දීමට සීසර්වරුන් සමග යාම බරපතල සැකයකට භාජනය වේ.

Exit mobile version