ආණ්ඩුවේ වැඩපිළිවෙළට කොන්දේසි විරහිතව කැප වෙනවා… මෛත්‍රී කියයි…

ගෝඨාභය රාපක්ෂ ජානාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සාර්ථක කරගැනීමට කොන්දේසි විරහිතව කැපවන්නටත්, පූර්ණ සහයෝගය ලබා දෙන්නටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අද තීරණය කළේය.

මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තේරි පත් වූ මන්ත්‍රීවරුන් 14 දෙනා සහ ජාතික ලයිස්තුවෙන් තේරුණු මන්ත්‍රිවරයා ඇතුළු 15 දෙනාගේ කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (09) ඩාලි පාර පක්ෂ මූලස්ථානයේ දී රැස් වී පැවැත්වූ මුල්ම සාකච්ඡාවේ දී මෙම තීන්දුවට එළඹ තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී අදහස් දැක්වූ ශ්‍රි.ල.නි.ප. සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබුණේ ආණ්ඩුවට පැහැදිලි ජනවරමක් ලැබී ඇති බවත්, එම ජනවරම ලබා ගැනීමට පක්ෂයක් ලෙස ශ්‍රි.ල.නි.පය කැපවී වැඩ කළබවත්, දැනටත් ඉදිරියේදිත් ආණ්ඩුවට සියයට සීයක් සහයෝගය ලබා දීමට කටයුතු කළයුතු බවත්ය.


 

Exit mobile version