ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති…

වත්මන් ආණ්ඩුවේ මර්ධනකාරී පාලන පිළිවෙතට එරෙහිව මේ වනවිට පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට අද (26) සවස විරෝධතාවයක්  පැවැත්විනි. 

“රනිල් රාජපක්ෂගේ උමතු පාලනයට එරෙහිව“ මෙම විරෝධාතවය දියත් කර ඇති බව විරෝධතාකරුවෝ පවසති.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කෙරෙන අත්අඩංගුවට ගැනීම් රඳවා ගබා ගැනීම්, ඇතුළු අරගලයේ ක්‍රියාකාරීන් අත්තනෝමතික ලෙස මර්ධනය කිරීමට එරෙහිව ජාත්‍යාන්තර ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව තුළ පාලනයේ ඔළු පමණක් වෙනස් වී ඇති බවත්, දැඩි ආර්ථික පීඩනය මතට මර්ධනයත් එක් වී දූෂිත පාලන තන්ත්‍රය ඒ අයුරුන්ම නඩත්තු වෙමින් ඇති බවත් විරෝධතාකරුවෝ කියති.


Exit mobile version