ආණ්ඩුවත් පොහොට්ටුවත් බේරාගන්නැයි ඇමති ප්‍රසන්න පාක්ෂිකයන්ට කියයි

ආණ්ඩුට එරෙහි විවේචනවලට නිවැරදි පිළිතූරු නොදුන්නොත් සියයට තුනේ බොරුවලට ජනතාව රැවටෙන්න ඉඩ ඇති බවත් රට තුළ පැතිර යන දුර්ම නිවැරදි කර ආණ්ඩුව මෙන්ම පොදුජන පෙරමුණ ආරක්ෂා කර ගැනීම මහජන නියෝජිතයන්ගේ සහ පාක්ෂිකයන්ගේ වගකීමක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විවධ බොරු ප්‍රචාරන කරන බවත් ඒ නිසා ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ “2022 ඔබට අය වැයෙන්” නමින් පැවැත්වෙන රැස්වීම් මාලාවේ කැස්බෑව ආසනයේ රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.


“ග්‍රාමීය සංවර්ධන කමිටු සමග සම්බන්ධ වෙලා ගම සංවර්ධනය කරන යෝජනා හඳුනා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. ගමම එක තැනකට එකතු කරලා කොට්ඨාසයට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති හදුනාගන්න ඕනෑ. ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා සියයට හතළිහක් වෙන් වෙනවා. ඒ මුදල් යොදාගෙන සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර වල සිටින අය නගා සිටවූවොත් ඒ බදු මුදල් වලින් රටේ ආර්ථිකය නගා සිටුවන්න පුළුවන්. පොදු යටිතල පහසුකම් සඳහා තවත් සියයට හතළිහක් වෙන් වෙනවා.පරිසර හා තිරසර සංවර්ධනයට සියයට දහයක්, සමාජ සුභසාධන කටයුතු වලට තවත් සියයට දහයක් වෙන් කරන්න පුළුවන්. ග්‍රාමසේවක වසම් මට්ටමෙන් රාජ්‍ය නිලධාරීන් කැඳවලා ගම ම එතැනට එකතුවෙලා ගමට ලැබිලා තියෙන ප්‍රතිපාදන ගැන දැනුවත් කරලා, ගමේ යෝජනා ටික හඳුනාගෙන යෝජනා අපට භාර දෙන්න. ජනවාරි මාසේ ඉඳලා ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. එහි ප්‍රතිඵලය ලැබුණම දක්ෂ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ගම දියුණු කරගන්න පුළුවන්. ගමේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න ඔබට සවියක් වෙන්න වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූදානම්. ගමේම අදහස් අරගෙනයි මේ කටයුතු ඉදිරියට ගෙනියන්නෙ. සමහර මන්ත්‍රීවරුන් කාණු හදන්න කැමතියි. ඒ උනාට හිතු හිතු විදියට දැන් ඒව කරන්න බෑ. ගමේ ව්‍යවසායකයෝ හඳුන ගන්න ඕනේ. ගම සංචාරක ව්‍යාපාරය සමඟ සම්බන්ධ නම් ගමේ පුද්ගලික ව්‍යවසායකයෝ ඇති කරන්න මේ මුදල්වලින් හැකියාව ලැබෙනවා. ගම වඩු කර්මාන්තයට ප්‍රසිද්ධ නම් වඩු කර්මාන්තය දියුණු කරන්න මේ මුදල්වලින් පුළුවන්කම ලැබෙනවා.ගමේ පාරවල් ටික හදාගන්න පුළුවන්. පාසල් දියුණු කරන්න ප්‍රතිපාදන වෙන් කර ගන්න පුළුවන්. ඒ සඳහා ඔබ ගමේ නායකත්වය ගෙන කටයුතු කරන්න.

කොවිඩ් වසංගතයෙන් අපි ඉගෙන ගත්ත පාඩම් තියෙනවා. රටවල් වහපුවම අපේ රටට බඩු එන්නේ නැහැ.ලෝකයේ අනෙක් රටවල් තමන්ගෙ රටවල් දියුණු කරද්දි අපි වගේ රටවල් අනෙක් රටවල් මත යැපෙන එක මේ වෙලාවෙ සෑහෙන්න බලපෑවා. දේශීය ආර්ථිකය දියුණු කර ගැනීමට අවශ්‍ය පියවර අපි ක්‍රියාත්මක කරන්න ඕනේ.වර්තමාන මුදල් ඇමතිවරයා උත්සාහ කරන්නේ ඒකටයි. සමහරු ආණ්ඩුවේ කැබිනට් එකේ වාඩිවෙලා ඉඳගෙන කැබිනට් යෝජනා එලියට ඇවිත් විවේචනය කරනවා. එහෙම කරන්න බැහැ. ඒක කරන්න තිබුනේ කැබිනට් එකේදියි. කැබිනට් එකේ තීන්දුවක් ගත්තම අපි හැමෝටම ඒ තීන්දුවට සාමූහිකව වගකියනවා. හරි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔබතුමන්ලාත් ආසන සංවිධායකවරයා සමඟ එකතු වෙලා එක වැඩ පිළිවෙලක් ආසනය තුළ ගෙන ගියොත් අපේ ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි එකතුවෙලා කටයුතු කළොත් රට දිනවන්න පුළුවන්. විවේචන එල්ල වෙනකොට ඒ ගැන අපෙන් අහන්න. විවේචන වලට අපි හරියට උත්තර නොදුන්නොත් සියයට තුන බොරුවෙන් රට පාලනය කරනවා. ඒකට ඉඩ තියන්න එපා. පක්ෂය ශක්තිමත් වුණොත් ආණ්ඩුව ශක්තිමත් වෙනවා. පක්ෂය දුර්වල වුණොත් ආණ්ඩුව දුර්වල වෙනවා. මේක අපි අත්දැකීමෙන් කියන්නෙ. පක්ෂය ශක්තිමත් කිරීමේ වගකීම තියෙන්නෙත් අපිට. ගමේ ශාඛාව ශක්තිමත් කරලා, ජනතාව ශක්තිමත් කරපුවම අපිට පුළුවන් බොරු වලට උත්තර දෙන්න. සමාජ මාධ්‍ය වල වැඩිපුරම යන්නේ බොරු.

Exit mobile version