ආණ්ඩුවක වැඩක්… කිළිනොච්චියේ ආදාහනාගාරයක් ඉදි කරන්න ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි දෙකක්… 

මෙතෙක් උතුරමට තිබුණේ ආදාහනාගාර 02යි... එකක් යාපනයේ... අනෙක වවුනියාවේ...

දිනසේන රතුගමගේ

රුපියල් මිලියන  24 ක වියදමකින් කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව විසින් ආදාහනාගාරයක් ඉදි කිරීමට  පියවර ගෙන ඇති බවත් මෙම මුදලෙන් රුපියල් කෝටියක මුදලක්  කිළිනොච්චියේ ව්‍යාපාරිකයෙකු විසින් ලබා දීමට ඉදිරිපත් වී සිටින බවත් කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණාචලම් වේලමලිකිතාන්   පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සදහා තවත් රුපියල් කෝටියක මුදලක් පළාතේ සෙසු ස්වේච්ඡා  සංවිධාන හා සංගම් වීසින් ලබා දීමට එකඟත්වය පලකොට ඇති බව කී ප්‍රාදේශීය සභා සභාපතිවරයා කිළිනොච්චියේ වැසියන්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට   යාපනයේ පිහිටි ආදාහනාගාරය වෙත රැගෙන යාමේදී ජනතාවට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවන නිසා කිළිනොච්චියේ ඉතා ඉක්මනින්ම ආදාහනාගාරයක් ඉදිකිරීමට තීරණය කළ  බවද පැවසිය.

Exit mobile version