සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආගම් සහ සාරධර්ම අධ්‍යාපන මොඩියුලයේ  ධර්ම චක්‍ර අශෝක චක්‍ර අවුලට හරි උත්තරය  ලැබෙයි…

by editor
ජනවාරි 9, 2026
in පුවත්
ධර්ම චක්‍රය සහ අශෝක චක්‍රය...

ධර්ම චක්‍රය සහ අශෝක චක්‍රය...

Share on FacebookShare on Twitter

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ මුද්‍රණය කර ඇති මොඩියුලවල  තවත් වැරදි ඇති බවත් ආගම් සහ සාරධර්ම අධ්‍යාපන මොඩියුලයේ  ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය ඇතුළත් කිරීමේ බරපතල වරද සිදුකර ඇති බවත් දක්වමින් විපක්ෂ නායකවරයා විසින් මතුකළ ප්‍රශ්නය පදනමක් නැති ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දි පැවසුවාය.

ඇය පෙන්වා දුන්නේ ඇතුළත් කර ඇත්තේ අනුමැතිය ලද ධර්ම චක්‍ර සංකේතය බවය.  එය මහානායක හිමිවරුන්ට පෙන්වා උන්වහන්සේලාගේ තහවුරුව ද ලබා ගත් බව අගමැතිනිය පැවසුවාය.

ප්‍රශ්නය මතු කරමින් විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේය.

“ආගම් හා සාරධර්ම අධ්‍යාපනයේ ධර්ම චක්‍රය කියලා ඇතුළු කරලා තියෙන්නේ අශෝක චක්‍රය. ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය ඇතුළත් කිරීම බරපතල වරදක්. බරපතල ගැටලුවක්. මේ පිටපත් සියල්ලක්ම සභාගත කරනවා. හැන්සාඩ්ගත කරනවා. මේ අඩුපාඩුව නිවැරදි කරන්න.”

“  යම් කිසි උපදේශක සභාවකින් අනුමැතිය අරන් ද මේක කළේ. රාජ්‍ය ලාංඡනයේ තිබෙන ධර්ම චක්‍රය නෙමෙයි මෙතන තියෙන්නේ.  මේ වගේ නිවැරදි කිරීම් කරන්න. කොල ටික ඉවත් කරලා අලුත් කොල දාන්න.” විපක්ෂ නායකවරයා පැවසුවේය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ඊට පිළිතුරු දෙමින් අගමැතිනිය මෙසේ පැවසුවාය.

“ධර්ම චක්‍රය සහ අශෝක චක්‍රය ගැන පැටලැවිල්ල විපක්ෂ නායක තුමා මතු කළා. පොතේ ඇතුළත් වෙලා තියෙන්නේ ඇත්තවශයෙන්ම බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරලා තිබෙන සංකේතය. මේක අමාත්‍යාංශයේ බුද්ධාගම පිළිබඳ උපදේශක සභාව විසිනුත් අනුමත කළ එක.”

“ඊයේ මම අස්ගිරිය සහ මල්වත්ත ගරු  මහානායක හිමිවරුන් බැහැදැක්කා. ඒ අවස්ථාවේදීත් මම උන්වහන්සේලා සමග මේ ගැන කතා කළා. උන්වහන්සේලාත් කිව්වේ මේක තමයි අනුමත වෙලා තියෙන සංකේතය කියලා. ඒක උන්වහන්සේලා තහවුරු කළා. මේක නිවැරදියි. මේක අශෝක චක්‍රය වගේ තමයි. මේක තමයි අනුමත වෙලා තිබෙන නිල සංකේතය. “

“හැබැයි අපේ රටේ අනෙක් සංකේතයත් පාවිච්චි වෙනවා. ඒක නොවෙනවා නෙමෙයි. නමුත් අනුමැතිය ලැබිලා තිබෙන්නේ නිල වශයෙන් මේ සංකේතයට. අපි ඒක තමයි මේ සංකේතය ඇතුළු කළේ. මේක නිවැරදියි. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

“විවාදයකට එන්න… ගල් අඟුරු වංචාව ඔප්පු කරනවා…” ඩී.වී චානක බලශක්ති ඇමතිට අභියෝග කරයි…

Next Post

අධිකරණ සේවා කොමිසමේ මෙහෙයුම් පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම අධිකරණය හෑල්ලු කිරීමක්… කථානායක තීන්දු කරයි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.