ආක්‍රමණික ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම ගැන ඉන්දියාව කිපෙයි…

Mumbai, India

ශ්‍රී ලංකා මුහුදට නීති විරෝධීව ප්‍රවේශ වී මසුන් මැරීමෙහි යෙදෙමින් සිටියි දී  නාවික හමුදාව විසින්  ඉන්දීය ධීවරයින් 54 දෙනෙක් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉන්දියානු ධීවරයින් සබන්ධ ගැටලු ලංකාව මානුෂීය ආකාරයකින් විසඳා ගත යතු බව නැවත   අවධාරණය කරන බව පවසයි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසා තිබුණේ බදාදා රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියාවේ සිට පැමිණි ධීවර බෝට්ටු 5 ක් හා ධීවරයින් 54 දෙනෙක් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් බවය.

“ අත් අඩංගුවට ගත් ධීවරයින්ට ක්ෂණික කන්සියුලර් ප්‍රවේශ සහ අවශ්‍ය හදසි සැපයුම් ලබාදීම ඉතාම වැදගත්. ඔවුන් සඳහා  කොන්සියුලර් ප්‍රවේශ කඩිනමින් ලබා ගැනීමට අපි ශ්‍රී ලංකා රජය සමග කටයුතු කරමින් ඉන්නවා.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ධීවර කටයුතු සම්බන්ධ සියලු කරුණු විස්තරාත්මකව විසඳීම සඳහා මේ වනවිට ද්වී පර්ශ්වික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා… මේ සම්බන්ධ සිවු වන රැස්වීම පැවැත්වුනේ පසුගිය දෙසැම්බර් 30 පැවැත්වූ බව සිහි පත් කළ යුතුයි. එහි දී සිදුවු සාකච්ඡා මත පදනම් පසු විපරම් පියවර ඉක්මනින් පවත්වා ගත යුතුයි“ යැයි එම ප්‍රකාශකයා පවසා තිබිණි.

Exit mobile version