අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

covid

ලලිත් චාමින්ද

අහංගම අරන්වල ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හෝටල් කාමරය තුළ නිදියහනේ දි  හදිසියේ  මියගොස් ඇති බැව් අහංගම පොලිසිය පවසයි.

මියගොස්  ඇත්තේ   යුනයිටි  කින්ඩමි  නැමති 74 හැවිරිදිවියේ පසුවන බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. මෙකි විදේශිය ජාතිකයා වැලිගම ප්‍රදේශයේ හෝටලයට සිට ඉකුත් 03 වැනිදින පස්වරුවේ දි අහංගම ප්‍රදේශයේ පිහිටි හෝටලය වෙත පැමිණ ඇත.   විදේශිකයා  මෙම හෝටලයේ කාමරයක ලැගුම්ගෙන සිට ඇති අතර එදින  හෝටලයෙන් කිසිඳු ආහාර පානයක් ඇනවුම් නොකර  කාමරයේ දොර ජනෙල් වසාගෙන සිට ඇත.

පසු දින (04) මොහු හෝටල් කාමරයෙන්  එලියට නොපැමිණිම නිසා  හෝටලයේ හිමිකරු විසින් කාමරයේ ජනෙල්  කාවුලුකින් බලන විට විදේශ ජාතිකයා ඇද මත නිදාගෙන සිට ඇත.

කාමරයේ  දොරට හා ජනේල් වලට තට්ටු කලද මොහු  අවදි නොවු නිසා සැක සිති  අහංගම  පොලිස් ස්ථානයට මේ පිළිබද දැනුම් දි තිබේ. ඒවනවිට විදේශිකයා මියගොස් සිට ඇති අතර ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂන කටයුතු සදහා කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇත. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  අහංගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version