අසපුවාසීන් සේරුවිල කොල්ල කෑවා… අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකාය නිවේදනයක් නිකුත් කරමින් කියයි!

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට අයත් ප්‍රධාන ප්‍රධානතම පූජනීය ස්ථානයක් බවත් මෙම  ස්ථානය කිසිලෙසකින්වත් අසපුවාසීන්ට ලබාදීමට තමන් සූදානම් නැති බවත්    අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකාය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්  කරමින් ප්‍රකාශ කරයි.

එහි විධායක ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය තංගල්ලේ අනුරුද්ධ හිමියන් විසින් නිකුත් කර ඇති  එම නිවේදනයෙන් කියන්නේ     සේරුවිල මංගල රජමහා විහාරස්ථානය මේ වනවිට අලුදෙණියේ සුබෝධ භික්ෂුව ඇතුළු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අසපුවාසීන් බලහත් කාරයෙන් අල්ලාගෙන සිටින බවය.

මෙහි මහ මොළකරු  වූ කිරිබත්ගොඩ  ඤාණානන්ද හිමියන් තිරය පිටුපස සිටින මේ සියල්ල මෙහෙයවන බවත් එම නිවේදනයේ දැක්වේ.


අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකාය විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය මෙසේය.

සේරුවිල මංගල රජමහ සම්බන්ධයෙන් පැවති වාරණය ඉවත්කෙරේ.

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පරිපාලන කටයුතු වලට මැදිහත් නොවන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 145/2021 DSP දරණ නඩුව මගින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි සමිඳ්‍රයාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති තවත් විත්තිකරුවන් පිරිසකට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර ඇත.

විහාරස්ථානයේ බලහත්කාරයෙන් රැඳී සිටින   අලුදෙණියේ සුබෝධ භික්ෂුව සහ තවත් පිරිසක්  විසින් මෙම නඩුව කොළඹ දිසා දිසා අධිකරණයට ගොනු  කර තිබිණ.

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නාහිමිපාණන් වහන්සේට පණවා තිබූ වාරණය   නියෝගය ඉවත් කර ඇති බව 2021.09.25 දින කළපළුවාව ගෝතම තපෝවනය දී පැවති අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක සභාවේ දී කරුණු ඉදිරිපත් කෙරිණි.

මේ පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතු යැයි අප සංඝ සභාවේ අදහස විය.  එදින විද්‍යුත් නාලිකාවලට මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කළ අතර අද දින ඒ සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනය මෙසේ සිදු කරමි.

ඓතිහාසික සේරුවිල සේරුවිල මංගල රජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් කලක් යමක් ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ මා හට වාරණ නියෝගයක් පනවා තිබූ නිසයි . මේ වන විට එය ඉවත් කර තිබෙනවා.

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට අයත් ප්‍රධාන ප්‍රධානතම පූජනීය ස්ථානයක්. මෙම ස්ථානය කිසිලෙසකින්වත් අසපුවාසීන්ට ලබාදීමට අප නිකාය සූදානම් නෑ. ගිහියන් පිරිසකට එකතු වී මෙවන් ඓතිහාසික සිද්ධස්ථානයක විහාරාධිපති වරු පත් කරන්න කිසිදු බලයක් නෑ. මේ රටේ ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාට පමණයි විහාරස්ථානයකට විහාරාධිපති ධුරය පත් කිරීමේ බලය තිබෙන්නේ.

පසුගිය කාලයේදී මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් විවිධ වාර්තා මාධ්‍ය තුළින් මත පළ වුණා. මේ වන විට සේරුවිල බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අසපුවාසී භික්ෂු පිරිස ප්‍රචාරයක් ගෙනියනවා සේරුවිල අසපුවේ ප්‍රවේණිගත උරුමය ට   විරුද්ධව උසාවි ගොස් ඇත්තේ   පිච්ච මල් පූජාවේ හාමුදුරුවෝ කියලා.  මේක අමූලික බොරුවක්. කොළඹ දිසා අධිකරණයේ අංක  145/2021 DSP දරන නඩුව පැවරුවේ අළුදෙනිලුදෙනියේ සුබෝධි භික්ෂුව ඇතුළු පිරිසක්. නිකාය සහ අනෙක් පාර්ශවය විත්තිකරු කළේ ඔවුන්. ඒ නිසා පොදු මහජනතාව දැනගත යුතුයි මේ වාසීන් කරන ප්‍රෝඩාව.

සේරුවිල මංගල රජමහා විහාරස්ථානය මේ වනවිට අලුදෙණියේ සුබෝධ භික්ෂුව ඇතුළු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අසපුවාසී අල්ලාගෙනයි සිටින්නේ. මෙහි මහ මොළකරු හා කිරිබත්ගොඩ හිමියන් තිරය පිටුපස සිටින මේ සියල්ල මෙහෙය වන්නේ උන්වහන්සේ.

මේ රටේ දේශපාලන අධිකාරියේ සිට අහිංසක දායකයා දක්වා සේරුවිල සම්බන්ධයෙන් ප්‍රචාරය කර හරින්නේ ව්‍යාජ තොරතුරු.  ඒ නිසා මහජනතාව තේරුම් ගත යුතුයි සේරුවිල පුද බිමේ වර්තමාන විහාරාධිපතීන් වහන්සේ පූජ්‍ය කොටපොල අමරකිත්ති කියලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවදුරටත් අත්තනෝමතික ලෙස නිකාය සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් හැසිරෙන්න අසපු වාසීන්ට ඉඩ දෙන්නෙ නෑ.

 

Exit mobile version