අවුරුදු 40 පෙර ඉදිකළ කොටි බංකරයක් උඩුප්පිඩි ප්‍රදේශයෙන් මතු වේ.

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් භවිත කරණ ලද පරණ කොන්ක්‍රීට් භූගත බංකරයක් යාපනයේ උඩුප්පිඩි ප්‍රදේශයෙන් 15 දා හමු වී තිබේ.

1980 දි ඉදි කරණ ලද බවට දින වකවානු සදහන් පුවරුවක්ද එම බංකරයෙන් හමු වී ඇති  අතර  උඩුප්පිඩි ප්‍රදේශයේ වැසියෙකු  සිය ඉඩමට පැමිණ එය ඩෝසර් කළ අවස්ථාවේදී මෙම බංකරය හමු වී තිබේ.

පසුව ඔහු මේ පිළිබදව යාපනයේ වැල්වෙට්ටිතුරෙයි පොලීසියට  තොරතුරු දැන්වීමෙන් පසුව ඉඩමේ ඉතිරි කොටස ඩෝසර් කොට භූගත බංකරය පාදාගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැල්වෙට්ටිතුරෙයි පොලීසිය මේ පිළිබදව යාපනයේ ආරක්ෂක අංශ දැණුවත් කොට ඇති අතර මෙම බංකරය විනාශ කොට දැමීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමටද පියවර ගෙන ඇත.

Exit mobile version