අවුරුදු 10ට අඩු කොවිඩ් හැදුණු දරුවන් 19000 පනී

මෙරට තුළ කොවිඩ් වැලඳුණු වයස අඩු 10ට අඩු දරුවන් 19688ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

වයස 10 ත් 18ත් අතර 26143ක් ද වාර්තා වී ඇතැයි ඇය අද පාර්ලමේන්තුවේදී සඳහන් කළාය.

විිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියාසිටියාය.


“මිය ගිය දරුවන් ගණන 18ට අඩු දරුවන් 14 දෙනකු මිය ගොස් ඇත. දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමේ හැකියාව අධ්‍යයනය කරමින් සිටින අවසන් තීරණය විද්වත් කමිටුව විසින් ලබා දෙනු ඇත.

කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් දැඩි සත්කාර ඒකක ඇඳන් 90ක් ලුතින් එක් වුණා. දැන මුලු ගණන 186කි. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ පිසීආර් පහසුකම් දුන්නා. එය අලුතින්ම පද්ධතියට එක්ක කර ඇත. ධාරිතාව දැනට සේවයේ නියැලෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කලමනාකරණය කරමින් කටයුතු කෙරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 පළමු කාර්තුවේ දිනකට අවශයතාව ඔක්සිජන් ටොන් 44ක් . දැනට මෙරට ඔක්සිජන් නිපදවන ආයතන දෙකේ ටොන් 77ක් නිපදවනු ලබන අතර ටොන් 44ක රෝහල් පද්ධතියට.දෙනවා. කෙසේ වෙත්ත පවත්නා තත්වය හමුවේ ඔක්සිජන මත යැපෙන රෝගීන් ඉහල යාමක් දක්නට ලැබෙන ඔක්සිජන් ඉල්ලුම සපුරාලීමට අවශය ක්‍රියා මාර්ග ප්‍රදේශීය මට්ටමෙන් ඔක්සිජන් ජනන යන්ත්‍ර සවි කරන අදාළ ප්‍රසම්පාදන කටයුත ආරම්භ වෙලා තිබෙනවා. ටොන් 20 ක සිලින්ඩර 20ක් ආයනය කිරීමට. 2500ක් ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 100ක් ලැබී ඇත. දැනට ඔක්සිජන් හිගයක් නෑ. ” යැයි ද ඇය කියාසිටියාය.

Exit mobile version