අවුරුදු 05ක් තුළ සිදුකළ ආයෝජනවලින් කෝටි පන්ලක්ෂ හතලිස් දාහකට (ට්‍රිලියන 5.4) වෙච්චි දෙයක් නෑ… විගණනය කියයි!

මෙය ප‍්‍රතිශතයක් ලෙස සිදුකළ ආයෝජනවලින් සියයට 66ක් ... විගණනය කියයි....

මුදිතා දයානන්ද

රජය විසින් 2006 සිට 2021 වසර දක්වා සිදුකළ රුපියල් කෝටි අටලක්ෂ විසිදහසක (ට්‍රිලියන 8.24) අයෝජන වලින් ඉදිකිරිම් හෝ මිලදි ගැනිම් හෝ වෙනත් ආයෝජන වලින් එකතු කරගත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් රුපියල් කෝටි පන්ලක්ෂ හතලිස් එක්දාහක (ට්‍රිලියන 5.4) වත්කම් 2021 වසර අවසන් වන විට හඳුනාගත නොහැකි වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙය ප‍්‍රතිශතයක් ලෙස ගත හොත් සිදුකළ ආයෝජනවලින් සියයට 66ක් බවද එහි දැක්වේ.

මෙම ආයෝජන වලින් ගිණුම් ගතව තිබෙන්නේ රුපියල් කෝටි දෙලක්ෂ අසුදහසකට ආසන්න වටිනාකමකින් යුත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව ඉහත කාල සීමාව තුළ සිදුකළ රාජ්‍ය ආයෝජන ප‍්‍රමාණය කෝටි 8,19,900ක් වන අතර වටිනාකම් හඳුනාගත් වත්කම් වන්නේ කෝටි 2,78,400කි.


කෝටි 5,41,500ක වත්කම් හඳුනාගෙන රාජය මූල්‍ය ප‍්‍රකාශනයට ඇතුළත් කර නැත.

2005 වසරේ සිට 2014 දක්වා කාල පරාසය තුළ නිකුත් කළ මූල්‍ය ප‍්‍රකාශන වල මුල්‍ය නොවන වත්කම් ගිණුම් ගත කර නොතිබුණ බවද ඒවා ගිණුම් ගත කර තිබුණේ 2015 වසරේ සිට බවද එම වාර්තාවේ සඳහන් වේ.

මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම් සියල්ලෙහි වටිනාකම් හඳුනාගෙන ගිණුම් ගත කළ යුතු බවට විගණනකාධිපති දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ කර තිබේ.

මහා භාණ්ඩාගාරය 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ රාජ්‍ය මූල්‍ය ප‍්‍රකාශනය ඇසුරෙන් සිදුකළ විගණන වාර්තාවක මේ බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප – 

 

Exit mobile version