අවශ්‍ය වුවහොත් නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා කරනවා… වෛද්‍ය රුවන් විජයමුණි

නතාෂා නෙත්මිණි  –                                              

නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශය අවශ්‍ය වුවහොත් හුදකලා කිරිමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි  සඳහන් කරයි.

මෙම ප්‍රදේශයේ  ජනාවාස කීපයක පුද්ගලයින්ගේ කරන ලද පීසීආර් පරික්ෂාවේදී වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 22ක් හදුනා ගත් බැවින් එම ජනාවාසය හුදකලා කිරිමට කටයුතු කළ බව හෙතෙම පැවසීය‍.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද මෙම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 350කගේ පීසීආර් පරික්ෂාවන් අද (28) සිදුකල අතර ඒවාය් වාර්තාවන් සලකා බලා අවශ්‍ය වුවහොත් එම ජනාවාසයන්ද හුදකලා කිරීමට පියවර ගන්නා බව වෛද්‍ය විජේමුණි මහතා සදහන් කරයි.


 

Exit mobile version