අලුත උපන් බිළිඳුන් විකිණූ සැකකරු ඇප මත මුදා හැරේ

යූටියුබ්, ෆේස්බුක් අතුළු සමාජ මාධ්‍ය ජලා ඔස්සේ අලුත උපන් දරුවන් විවිධ පුද්ගලයන් වෙත විකිණූ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් සී.එස්.එන් නේෂන් ලංකා නැමැති ආයතනයක චරිත් උක්වත්ත නැමැති සැකකරු මොරටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක 2 ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

අධිකරණ ආරංචි මාර්ග හෙළි කරන්නේ මෙම පුද්ගලයා සම්බන්ධව ශක්තිමත්ව පැමිණිල්ලක් ගොනු කිරීමට පොලිසිය අසමත් වූ බවය. එමෙන්ම පවතින කොවිඩ් තත්වය හමුවේ මෙම පුද්ගලයාට ඇප ලබා දෙන්නට තීන්දු වූ බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජනවාරි 4 වැනිදා සැකකරුට යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.


දරුවන් 43 දෙනෙක් එක් දරුවෙක් ලක්ෂ 2ත් ලක්ෂ 1.5ත් අතර මුදලකට විකුණා ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශ ආරංචි මාර්ග හෙළිදරවු කළේය.

අතවරයට පත් වී ගැබ් ගත් තරුණ මවුවරුන් ගෙන්වා ඔවුන් තමන් භාරයේ රඳවා ගෙන දරුවා බිහි වූ පසු එම දරුවන් විකිණීම මොහු විසින් කර ඇත්තේ පසුගිය මැයි මස සිට ය.

මෙම මුදලට අමතරව නීතිඥ ගාස්තු ලෙස රුපියල් පනස් හත් දහස් පන්සියයක මුදලක් ද ඔහු විසින් අය කෙරගෙන තිබේ.

තමන් මානුෂික ක්‍රියාන්විතයක නිරතවන බව පවසමින් මෙම තැනැත්තා මෙම දරුවන් දෙවන පාරශවයක් වෙත විකුණා ඇත්තේ දරුවන් හදා වඩා ගැනීමේ පනතේ සියලුම නීති රීති උල්ලංඝණය කරමින් දිවුරුම් පෙත්සමක් මගින් පමණක් තුන්වන පාර්ශවයට දරුවා පවරා දීමෙනි.

මේ තැනැත්තා මෙම ව්‍යාපාරය කරගෙන යෑම සඳහා මොරටුව කල්දමුල්ල හා දමහම් මාවතේ නිවාස දෙකක් පවත්වාගෙන ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම නිවාස තුළ ගැබිනි මවුවරුන් 12ක් සිට ඇත.

මේ දරුවන් ලබා ගත් පිරිස අතර නීතිඥවරු පොලිස් නිලධාරීන් පවා සිටින බව හෙළි වී තිබේ.

පසුගිය මස මුල සිට පරීක්ෂණ ආරම්භ කර මේ අට වැනිදා ආයතන පරීක්ෂාවක් සඳහා ඔහුව කැඳවා තිබේ. එදා සිට මේ තැනැත්තා අතුරුදන්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු චරිත් උක්කවත්ත නැමැති 47 හැවිරිදි පුද්ගලයා (21) රාත්‍රියේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version