අලුත් පොලිස් කොමිසමක්… සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විිනිසුරු ලලිත් ඒකනායක!

dc

මෙතෙක් පැවති පොලිස් කොමිසමේ සියලුම නිලධාරීන්ට  ඉවත්වන ජනාධිපතිවරා විසින් දන්වා ඇත.

නව පොලිස් කොමිසමක් පත් කර ඇති අතර එහි සභාපති ධූරයට විශ්‍රාමලත් මහාධිකරණ විිනිසුරු ලලිත් ඒකනායක පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

නව පොලිස් කොමිසම හෙට රැස්වන්නට නියමිත බව වාර්තා වේ. ඒ අනුව මෙතෙක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කේන්ද්‍රගතව තිබූ පොලිිසය සම්බන්ධ බලතල ස්වාධීන පොලිස් කොමිසම යටතට පත්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දූෂිත පොලිස් ප්‍රධානීන් සහ දේශපාලකයින් අත රැඳී තිබුණු පොලිසිට වෙනසක් අවශ්‍ය බවත්,  නව පොලිස් කොමිසම පත්කිරීම සම්බන්ධව පොලිිසයම අපේක්ෂා සහිතව බලාගෙන සිටින බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.


Exit mobile version