අලුත් කොවිඩ් වයිරසය බස්නාහිර තැන් කිහිපයකින් සහ වව්නියාවෙන් හමුවෙයි

බ්‍රිතාන්‍යයෙන් පැතිරීම ආරම්භ වූ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය වන B.1.1.7 ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවල රෝගීන් අතර පවතින බව සාම්පල පරීක්ෂාවේදී අනාවරණය වූ ශ්‍රි ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද සහ අණුක ජෛවවේද අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාසර ට අදහස් දක්වමින් වෛද්‍ය ජීවන්දර සඳහන් කළේ පසුගිය ජනවාරි මාසය තුළ රෝගීන්ගෙන් ලබා ගත් සාම්පල තම විද්‍යාගාර තුළ සිදු කරන ලද පරීක්ෂාවේදී මේ තත්ත්වය අනාවරණය කර ගත හැති වූ බවය. ඉතා වේගයෙන් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට පැතිර යන බවට සඳහන් වන නව කොවිඩ් වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තිය හ එහි ලක්ෂණ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුවන බව වෛද්‍ය ජීවන්දර තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version