අලුත් කැබිනට්  එක  අර්බුදය මතට එලන්න හදපු පැලැස්තරයක්… හිටපු ඇමති සරත් වීරසේකර කියයි!

දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලයට ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම දැඩි විරෝධයක් මතුවෙමින් ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

රජයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට දේශපාලනිකව සිය දිවි නසා ගැනීමට සූදානම් වෙමින් කටයුතු කර ජනතා අප්‍රසාදයට ලක් වී කැබිනට් ඇමතිකම් අහිමි වී ගිය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් මේ කලකිරුණු කණ්ඩායමේ ඉදිරියෙන් සිටින බව දැනගන්නට ඇත.

මේ තත්වය සම්බන්ධව හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකරගෙන් කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ  අනෙක් පිරිස් සම්බන්ධව තමන්ට අදහසක් නැති නමුත්  මේ කැබිනට් මණ්ඩලය පවතින අර්බුදය මත එලන්නට  හැදූ පැලැස්තරයක්  පමණක් බව  තමන්ගේ  මතය යැයි ලංකාසරට කීවේය.

මේ සිදුකළ කැබිනට් සංශෝධනය රට ඉල්ලන විසඳුම නොවන බවත්,  මේ ඔස්සේ කිසිම ජනතා ප්‍රශ්නයකට විසදුම්  හෝ වැඩපිළිවෙළක් ද ඉදිරිපත් නැති බවත් කී  හිටපු ඇමතිවරයා තමන් මේ කැබිනට් මණ්ඩලයේ තනතුරක් භාර නොගන්නට තීරණය කළේ එබැවින් යැයි කීවේය.


“ අපි ගෙම්බො වගේ පනින්න යන්නෙ නෑ. නමුත් මේ සිදුවන දේ  දෙස බලාගෙන ඉන්නවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

Exit mobile version