අල් ඛයිඩා නායකයා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කරයි !

අල් කයිඩා සංසංවිධානයේ නායක අයිමා අල් සවාහිරි ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කළ බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිල වශයෙන් නිවේදනය කළේය .

පසසුගිය  ඉරිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ආරආරක්ෂිත නිවසක බැල්කනියක රැදී සිටියදී ඔහුට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇමෙරිකානු සී.අයි.ඒ සංවිධානය මගින් සිදු කරන ලද මෙහෙයුමක් මගිනි.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා අනුව අල් කයිඩා නායකයා සිය පවුලේ සාමාජිකයන් සමග රැදී සිටියද ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැති බවය. ඒ අනුව ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි අල්කයිඩා නායකයා පමණි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සංසංවිධානයේ නායකයා වූ ඔසමා බින් ලාඩන් ඝාතනය කිරිමෙන් පසු 2011 වසරේ සිට අල් කයිඩා නායකයා ලෙස සවාහිරි කටයුතු කළේය .


Exit mobile version