අල්ලපු රටේ අගමැතිවරයා ගොවි හඬට කන් දෙයි

වසරට අධික කාලයක් ඉන්දියාවේ ගෝවීන් ගෙන ගිය අඛණ්ඩ සටනින් ජය ලබමින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හදුන්වා දුන් නව කෘෂි කාර්මික නීතී හකුලා ගැනීමට තීරණය කර ඇත.

අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් අද පෙරවරුවේ තම රජය ගෙන එන ලද නීති ඉවත් කරගැනීමට පියවර ගන්නා බවට නිවේදනය කළ අතර එළෑඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඊට අදාල පියවර ගන්නා බවටද පොරොන්දු වී තීබේ.

ඉන්දීය රජය විසින් ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී එරට කෘෂි කාර්මි ක්ෂේත්‍රයට අදාල පාලනය කිරීම් ලිහිල් කිරීමට නව නීති තුනක් හදුන්වා දුන් අතර එමගින් ගොවීන් හට සිය නිෂ්පාදන සෘජුවම අලෙවි කරුවන්ට රජය විසින් පනවල ලද මිලි ගණන් වලට ඉහළ මිලකට විකිණීමට අවස්ථාව හිමිකරදීම අපේක්ෂා කෙරිණි.


කෙසේ වෙතත් මෙම නව නීති මගින් තමන්ට හිමිවන මිල පහත් යනු ඇති බවත් එමගින් පුද්ගලික අංශය කෘෂි කර්මාන්තයට ඇතුලු වීමට අවස්ථාව ලබාදීමෙන් තමන්ගේ ජීවිකාවට බලපෑමක් එල්ලවෙනු ඇතැයි පවසමින් ගොවීන් උද්ඝෝෂණ පැවැත්වීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ගොවීහූ නව දිල්ලි නගරයට ආසන්නයේ ඉකුත් නොවැම්බර් මාසයේ සිට කඳවුරු බැඳ විරෝධතා පැවැත්වීම ආරම්භ කළහ.

එහිදී ජනවාරි 26 වැනිදාට යෙදී තිබුණු ඉන්දීය ජනරජ දිනයේදී ගොවීන් පොලිස් බාදක බිදගෙන නව දිල්ලි නගරයට ඇතුලු වූ අතර එහිදී ඇති වූ ගැටුම් වලින් ගොවියෙකු ජීවිතක්ෂයටද පත්විය.

නව දිල්ලිය රත් කළ මෙම විරෝධතා පසුව ජාත්‍යන්තර අවදානය දිනා ගැනීමට සමත්වූ අතර සුපිරි ගායිකාවක් වන රියානා පවා මේ පිළිබඳ කතා කිරීමට එක් වීම ඉන්දීය රජයට විශාල අවාසි සහගත විය.

ඒ අනුව අග්‍රමාත්‍ය මෝදි සිය තීරණය නිවේදනය කිරීමත් සමඟ ගොවීහූ ප්‍රීති ඝෝෂා නගමින් රස කැවිලි අනුභව කරමින් සිය සටනේ ජය සැරමරූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂඛයින් පවසන පරිදි මෙම තීරණය එළෑඹෙන මැතිවරණය අරමුණුකරගෙන සිදුවක් වන අතර එහිදී ගොවීන්ගේ සහය ලබා ගැනීමට මෙම තීරණය ඉන්දීය රජය විසින් ගනු ලැබ ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

Exit mobile version