අර්බුදය තව දින දෙක තුනක් ඇදුණොත් රට ඉවරයි ! මහ බැංකු අධිපතිවරයාගෙන් බරපතල අනතුරු ඇඟවීමක් !

කෙටි කලක් තුළ දේශපාලනය සථාවර නොවුණොත් මමත් යනවා.... මෙහෙම කොහොම ද ආර්ථිකයක් දුවන්නේ....

අගමැතිවරයෙක් නැති , මුදල් ඇමතිවරයෙක් නැති විධායක ජනාධිතිවරයා පමණක් සිටින මේ අස්ථාවර දේශපාලන තත්ත්වය තව දින දෙක තුනක් පැවතුණහොත් රට ඉතා දරුණු මට්ටමකට පත් වනු ඇති  එබැවින් මේ මොහොතේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් හැකි ඉක්මනින් ඇති කිරීම ජනාධිපතිවරයාගේත් 225ක් වන සියලු මහජන නියෝජිතයන්ගේත් බරපතල වගකීමක් බවත් මහ බැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරයි.

ඒ සඳහා ඔවුන් කඩිනම් පියවර ගෙන කටයුතු නොකළහොත් තමන්ටද ධුරයෙන් ඉල්ලා අස්විමට සිදුවන බවට ද මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවයි.

මාධ්‍ය අමතමින් මහ බැංකු අධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මේ අස්ථාරත්වය  දිගටම පැවතුණහොත් යළිත් පැය ගණනාවක් විදුලිය කැපීම, දැනට යාන්තමින් හෝ පවතින  පෙට්‍රල් ඩීසල් හිඟ  වීම ගෑස් නොමැති වීම වැනි අර්බුද අතිශය  උග්‍ර වනු ඇති බවය.

ශ්‍රි ලංකා මහ බැංකුවේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ පැවසුවේය.


“  පසුගිය කෙටි කාලය තුළ රට මුහුණ දී තිබෙන දැවන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස අප යම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණා. එයින් යම් යම් ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිටියදීයි, අවාසනාවන්ත ලෙස පසුගිය සඳුදා සිට මෙම තත්ත්වය වෙනස් වුණේ. සාමකාමී අරගලයක යෙදී සිටි පිරිසකට නීති විරෝධි ලෙස අමානුෂික ප්‍රහාරයක් එල්ල කළා. එය අප හෙළා දකිනවා.

මේ සිදුවීමත් සමඟ රටේ අවාසනාවන්ත සිදුවීම් පෙළක් සිදුවුණා. ඒ වගේම රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා.  රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත් කරන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි දේශපාලන ස්ථාවරත්වය. රටේ නීතිය සාමය නිසි ලෙස  ක්‍රියාත්මක නොවන  තත්ත්වයක් තුළ රටේ යම් ආකාරයට ප්‍රචණ්ඩත්වය සිදුවෙමින් පවතිනවා. මේ ප්‍රචණ්ඩත්වය අවසන් විය යුතුයි. රටේ නීතිය සහ සාමය නිසි ලෙස ආරක්ෂා විය යුතුයි

අනෙක්  කාරණය දේශපාලන ස්ථාරත්වය. රටේ ආර්ථිකය ගොඩ නැගීමට නම් ස්ථාවර දේශපාලන තත්ත්වයක් රටේ පවතින්නම අවශ්‍යයයි. අපි වැඩ කටයුතු  ආරම්භ කළා පමණයි.  මුල සිට අප දේශපාලන ස්ථාවරත්වයක් බලාපොරොත්තු වුණා.  විශේෂයෙන්  අපේ අලුත් කණ්ඩායම මුදල් අමාත්‍යවරයා  නව මුදල් අමාත්‍යංශ ලේකම්  ඇතුළු කණ්ඩායම විශාල වැඩකොටසක් කරගෙන ගියා.

නමුත් දැන් අපට පත්වෙලා තිනේනේ අගමැතිවරයෙක්  මුදල් ඇමතිවරයෙක් නැති විධායක ජනාධිපති පමණක් සිටින අකර්මන්‍ය  තත්ත්වක්. ඇත්ත වශයෙන්ම රටේ  ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන ආයතනයක් හැටියම අපට සිදුවවෙනවා රටේ දේශපාලන ස්ථාවරත්වයක් කඩිනමින් ඇති කරන්න කියල.

රටේ ජනතාව වශයෙන් තෝරාපත් කරගත් විධායක ජනාධිතිවරයෙක් ඉන්නවා. ඒඅයගේ ප්‍රධානතම වගකීම හැකි ඉක්මනින් යම් ආකාරයකට ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක් ඇති කිරීම.

රටේ දැන් පවතින තත්ත්වය සමනය කළ හැකි නීතිය සහ සාමය පවත්වාගෙන යා හැකි රජයක පැවත්ම අත්‍යවශ්‍යයි. ඒ කාරණයේදී  සම්පූර්ණ වගකීම නියෝජිතයන් 225 සහ ජනාධිපතිතුමා අතර යම් ව්‍යවස්ථානුකූල ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට හැකි ඉක්මනින් යම් සථාවරත්වයක්ට පත් කළ යුතුයි.  එය නොහැකි වුණොත් මේ කියන තත්ත්වය මීටත් වඩා අනිවාර්යනේම අරාජික තත්ත්වයට පත්වෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version