අරගල භූමියෙන් ඉවත් වන්නට අරගලකරුවන්ට කල් දෙයි…

ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට ඔවුන්   සිටින විරෝධතා ප්‍රදේශයෙන් වහාම ඉවත්වන ලෙස දන්වා ඇත. ඉවත්වීම සඳහා සිකුරාදා සවස 5 වනතුරු කාලය ලබා දෙන බව කොටුව පොලිසි නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

සිකුරාදා සවස 5 ට පෙර ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට විරෝධතාකරුවන්ට බල කරමින් පොලිස් නිලධාරීන් පිරිසක්  ශබ්ද වාහිනී භාවිතයෙන්  ප්‍රසිද්ධ නිවේදනයක් ද නිකුත් කර ඇත.

එම නිවේදනයේ  කියන්නේ ගාලුමුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද සියලුම ඉදිකිරීම් හා භෝග වගා වහාම ඉවත් කරගන්නා ලෙසය.

මෙලෙස ඉවත්කර ගැනීම  අනිද්දා (05) සවස 5ට පෙර අනිවාර්යයෙන් පියවර ගත යුතුබවට දැඩිවදන්වා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ නොකරන පුද්ගලයින් සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන බවද පොලිසි දන්වා සිටී.

Exit mobile version