අරගලයේ වැඩිම වගකීම බස්නාහිර පළාතට… රාසමාණික්ඛම් කී කතාව…

පවතින ආණ්ඩුව ගෙදර යැවීමේ වගකීමෙහි වැඩි කොටසක් බස්නාහිර පළාතේ ජීවත්වන ජනතාව අතරට පැවරෙන බවත් නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයෙක් වශයෙන් බස්නාහිර පළාතේ ජනතාව මෙම සටන අත්නොහරින ලෙස තමන් ඉල්ලා සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාතේ මන්ත්‍රී ශානඛ්‍යන් රාසමාණික්කම් ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

රජය මේ වනවිටත් මෙම අරගලය දියාරු කරමින් උත්සාහ දරමින් සිටින බවත් ඒ අතරේ රටේ වෙනත් පළාත්වල ජනතාව තමන් පෙළන අනෙක් ප්‍රශ්න අතරේ දැඩි වෙහෙසට පත්ව සිටින බැවින් ඔවුන්ට ශක්තියක් වීමේ ප්‍රධාන වගකීම බව ඔහු සිහිපත් කළේය.

විවාදයේ  දී අදහස් දක්වමින් රාසමාණික්කම් පැවසුවේ ජනතාව ඉදිරි සිංහල අලුත් අවුරුදු සමයේ දී ජනතාව මෙම උද්ඝෝෂණවලින් ඈත් වී සිංහල අවුරුදු සමරනු ඇති බවට ආණ්ඩුව බලාපොරොත්තු වන බවය.

එසේ වුවත් මෙම අරගලය දිගටම පවත්වාගැනීමේ වගකීම සහ හැකියාව ඇත්තේ ගමේ සිටින දුප්පත් ජනතාවට නොව බස්නාහිර පළාතේ ජනතාවට යැයි තමන් විශ්වාස කරන්නේ යැයි ද  සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version