අරගලයේ කෙළවර හමුදා පාලනයක් ද?. විග්නේස්වරන් සැකයෙන්…

හමුදා පාලනයක ස්වරූපය උතුරේ ජනතාව දැනුම්වත් නමුත් දකුණේ අය දන්නෙ නෑ… විග්නේස්වරන් කියයි!

දිනසේන රතුගමගේ –

රටේ ජනතාව රජයට එරෙහිව සිදු කෙරෙන උද්ඝෝෂණ වැඩි වුවහොත් ඉතා ඉක්මනින්ම මේ රටේ හමුදා පාලනයක් ගොඩ නැගෙන බවත් එවැනි බැරෑරුම් තත්ත්වයකට රට පත් වීමට ඉඩ නොදිය යුතු බවත් දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා 4 දා පැවසීය.

මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යුද හමුදා පාලනය පිළිබඳව ඉතා හොදින් කරුණු දන්නා නිසා ඔවුන් ඊට දැඩි අකැමැත්තක් දක්වන ලද නමුත් දකුණේ ජනතාවට ඒ පිළිබදව නිසි අවබෝධයක් නොමැති බවය.

රජයට එරෙහිව ජනතාව කැරළි ගසන විට පාලකයින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඒ ඒ ප්‍රදේශ යුද හමුදාවේ පාලනයට බාර දීම අනිවාර්යෙන්ම සිදුවන බව කී මන්ත්‍රීවරයා එවැනි පාලන ක්‍රමයක් තුළ මර්දනයක් ඒකාධිපතිත්වයක් දරදඩු කමක්  මිස ප්‍රජාතාන්ත්‍රීය ගති ලක්ෂණයක් දැක ගැනීමට නොහැකි වන බවද කියා සිටියේය.


මේ නිසා රටේ ජනතාව අත වනා ආචාර කොට දුර්දාන්ත පාලන ක්‍රමයක් මේ රටට යළි ඇති කිරීමට වග බලා ගත යුතු බව කී හෙතෙම තමන් හා තම පක්ෂයද මේ  වර්ථමාන දේශපාලන ක්‍රමය අනුමත නොකරන බව පැවසීය.

නමුත් වත්මන් පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගලයක් දියත් කිරීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මගක් සොයා ගත යුතු බවත් එය එසේ නොකළහොත් මෑත කාලීන අනාගතයේදීම රට තුළ විශාල ලේ වැගිරීමක් හා මානුෂීය නොවන පාලන ක්‍රමයක් ආරම්භ විය හැකි බවත්  මන්ත්‍රීවරයා කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් කිසි විටකත් යුද හමුදාවට එරෙහි අයෙකු නොව ඔවුන්ගේ දරදඬු පාලන ක්‍රමයට විරුද්ධ අයෙකු බව පෙන්වා දුන් විග්නේස්වරන් මන්ත්‍රීවරයා තමන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරයට පත් වූ දිනයේම යුද හමුදාව උතුරේ සිටීමට විරුද්ධ වූයේ ඒ නිසාම බවද පැවසීය.

Exit mobile version