අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

ගෝල්ෆේස් අරගලයට අද (28) දින 50ක් සපිරීම නිමිති කරගෙන අරගලකරුවන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පා ගමන  සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පොලිසිය විසින් මෙම අධිකරණ නියෝගය ඊයේ ලබාගෙන තිබිණි. කොල්ලුපිටිය මංසන්ධියේ සිට කොටුව අධිකරණ බල සීමාව තුළ පිහිටි ප්‍රධාන ආර්ථික මර්මස්ථාන, කිසිදු රාජ්‍ය ආයතන, කිසිදු රාජ්‍ය ආතනයකට, කිසිදු නිල නිවසකට, ඇතුළුවීම, හානි කිරීම, රාජකාරි කරනු ලබන නිලධාරීන්ට බාධා කිරීම, ප්‍රචන්ඩකාරී ක්‍රියාවලින් තොරව සිදුකළ යුතු බව එම නියෝගයේ දැක්වේ.

එමෙන්ම කොටුව පොලිස් වසමේ එන්.එම්.එස් වටරවුමේ සිට චෛත්‍ය පාර සහ ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිටි යෝක් වීදිය, ලෙඩි බැස්ටියන් මාවත දක්වා, මුදලිගේ මාවත,  රෝහල්වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත, චැතම් වීදිය, කැනල් පාර යන මාර්ගවල ගමන් කිරීම එකී මාර්ගවලට ඇතුළු වීම වළක්වා තිබේ.

එමෙන්ම මෙම උද්ඝෝෂකයින්  පොලිස් මූලස්ථානය වටලනු ඇතැයි ලද    බුද්ධි තොරතුරක් මත පොලිස් මූලස්ථානයේ ආරක්ෂාව ද තර කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් පෙර මෙම විරෝධතාකරුවන් පොලිස් මූලස්ථානය ඉදිරියට පැමිණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු  අරගලකරුවන්ට පහර දිමේ සිද්ධියට සම්බන්ධ  ප්‍රධානීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් උද්ඝෝෂණයක නිරත වූහ.

Exit mobile version