අරක්කු බෙදීම අත්‍යාවශ්‍ය සේවාවක් කර බාර් ඇරගත් රටක් කරගන්නා හරිය පී.එච්.අයි ලා කියති…

සංචරණ සීමාවන්  දීර්ඝ කළද  මත්පැන් අලෙවිසැල් විවෘත කිරිම හරහා කොවිඩ් පාලනයට බරපතල හානියක් සිදුවනු ඇතැයි   මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

මාසයකට අධික කාලයක් සංචරණ සීමාවන් ක්‍රියාත්මක කරමින් කොවිඩ් වසංගතය පාලනය කිරීමට බිම්මට්ටමේ සිටින සෞඛ්‍ය සේවකයාගේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා කණ්ඩායම විශාල මෙහෙයක් ඉටුකළ අතරම රටේ පොදු මහජනතාව විශාල කැපකිරීමක් කළ බව ද සංගමයේ සභාපති උපුල් රෝහණ  පෙන්වාදේ.

සංචරණ සීමාවන් පවතින කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක්  හිමව තිබූ අවසරය අද සිට තැබෑරුම් වෙත යන පුද්ගලයින් සදහාද හිමිවීමෙන් බාර් පොකුරක් නිර්මාණය වීම වැලැක්විය නොහැකි වනු ඇතැයිද හෙතෙම පෙන්වාදේ.


මත්පැන් පානය කරන පුද්ගයින්ගෙන්   සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීමක් සිදුවේද යන්න ගැටලුවක් බවත්  එසේ වුවහොත් රෝගය නැවත සමාජය පුරා පැතිරිම වැලැක්විය නොහැකි වනු ඇතැයිද සංගමය පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවහොත් රට විවෘත කර  පාසල් නැවත ආරම්භ  කිරිම සඳහා ගෙන යන වැඩපිළිවෙළ බොඳව යාමට ඉඩ ඇති බවද උපුල් රෝහණ   අවධාරණය කරයි.

Exit mobile version