අය – වැයට අවසන් ඡන්ද විමසුම අද සවස… සියලුම මන්ත්‍රීවරුන් අද කොළඹ රැඳී සිටිය යුතු බවට පක්ෂ – විපක්ෂ නායකයින්ගෙන් නියෝග!

Budje

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාවරයා ලෙස විස්සයි විසි තුන වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ අවසන් ඡන්ද විමසුම අද (08) සවස 05 ට සිදුකිරීමට නියමිතව ඇත.

අයවැය පරාජය කිරිම සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය, සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ  මන්ත්‍රිවරුන් සහ ස්වාධීන වීමේ අභිලාෂය සහිත අනෙකුත් මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇත.

මේ වනුව අය-වැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුමට කුමක් සිදුවේද යන්න පිළිබඳව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද දැඩි සාකච්ඡාවට බඳුන් වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳව අද (08) දවස පුරා විවාද පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකරන අතර ඒ නිසා අද දිනය සියලු මන්ත්‍රිවරු කොළඹ රැඳී සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයාත් අනෙකුත් පක්ෂ නායකවරු තම පක්ෂවල මන්ත්‍රිවරුන්ට උපදෙස් දී තිබේ.


Exit mobile version