අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂාව තර වේ…

කොරෝනා මදිවවට මත් ලෝලීන් රකින්නත් වෙලා... දෙවැනියට පැන ගිය අයට කොරෝනා නෑ.... අයි.ඩී.එච් රෝහල් අධ්‍යක්ෂ කියයි....

ශ්‍රියානි විජේසිංහ                                                      

හමුදාව යොදවා IDH   රෝහලේ ආරක්ෂාව තර කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත අත්තනාය  සදහන් කරයි.

IDH Hospital
අයි.ඩී.එච් රෝහල අවට ආරක්ෂාව තර කර ඇති අයුරු

කොරෝනා වෛරසය ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඊයේ (24) අලුයම රෝහලෙන් පැන යාමත් සමග මෙසේ ආරක්ෂාව තර කළ බව ඔහු පැවසීය.

අයි.ඩී.එච් රෝහල අවට ආරක්ෂාව තර කර ඇති අයුරු

රෝහලෙන් මීට දින කීපයකට පෙරත් කොරොනා රෝගියෙකු පැන ගොස් ඇතැයි යන්න පිලිබoව සමාජ මාධ්‍ය තුළ පවතින ප්‍රවෘත්තිය පිලිබඳව අප රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ රෝහලෙන් එසේ පැන ගොස් ඇත්තේ වෛරසය ආසාදනය නොවුණ පුද්ගලයෙකු බවයි. 


අයි.ඩී,එච් රෝහල අවට…

ඔහු සම්බන්ධයෙන් කළ PCR පරික්ෂණ වාර්තාවන්ගේ සටහන් වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය නොවී ඇති බව යැයි හෙතෙම පැවසීය.

කෙසේ නමුත් IDH රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස   කොරොනා රෝගීන් සුවපත් කිරිමට  තමාට පැවරී ඇති බාරදුර්ය කාර්ය වන නමුත් මේ වන විට  මත්ලොලයින් රැක බලා ගැනීමටද සිදුව ඇතැයි ද සඳහන් කළේය.

කෙසේ නමුත්  මාධ්‍ය මගින් ප්‍රවෘත්තියක් පල කිරීමට පෙර තමාගෙන් ඒ බව විමසා එයට ප්‍රසිද්ධියක් ලබා දෙන්නැයිද හෙතෙම මාධ්‍ය මගින් විශේෂ ඉල්ලීමක්ද කර සිටියේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝහලින් පැන ගිය පුද්ගලයා ඇඹිලිපිටියේ පදිංචිකරුවෙක් බවත්, ඔහු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නූ නිසා මත්තේගොඩ පොලිසිය විසින් සෞඛ්‍ය උපදෙස් මත රෝහලට ඇතුළත් කළ බවත් පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන්නට කලින් රෝහලින් පැන ගොස් තිබුණු බවත් නිල නොලත් ආරංචි මාර්ග හෙළි කර තිබුණේය.

Exit mobile version