අයි.එම් එෆ් කණ්ඩායම ලබන 20 ශ්‍රි ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායමේ නියෝජිතයන් පිරිසක් ලබන ජූනි මස 20 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත ය. මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රි ලංකාව මේ වනවිට ඉල්ලා ඇති ණය  සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩල මට්ටමෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා ඔවුන් මෙරටට පැමිණෙන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින කිහිපයක් ශ්‍රි ලංකාවේ ගත කරන මෙම කණ්ඩායම ජනාධිපතිවරයා අගැමතිවරයා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ අදාළ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවතින ආර්ථික අර්බුදකාරී පසුබිම තුළ  ශ්‍රි ලංකාවට අවශය ජාත්‍යනතර අරමුදල් සහය කඩිනම් කරවන ලෙස එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටනා ජෝර්ජියේවා අමතා ඉල්ලා ඇති අතර එහිදී මෙම කණ්ඩායම ඉක්මනින් ශ්‍රි ලංකාවට එවන ලෙසටද ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පසුගියදා නිවේදනය කළේය.

Exit mobile version