කීර්ති ප්‍රනාන්දු –
වෙළෙඳපලේ ඇති වී තිබෙන කිරිපිටි හිඟයත් සමග අයිස්ක්‍රීම් සෑදීම සඳහා යොදා ගන්නා කිරිපිටි සෞඛ්‍ය අනාරක්ෂාතව පැකට් කර අලෙවි කරනු ලැබූ පිටකොටුවේ වළෙඳසල් සහ එම කිරිපිටි ඇසුරුම් කළ ස්ථානයක් මුද්‍රා තබා කිරිපිටි වශාල තොගයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මේ වනවිට වෙළෙඳපලේ පවතින කිරිපිටි හිඟය නිසා කිරිපිටි ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් ඇසුරුම් කර මේ වෙළෙන්දන් විසින් අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
එම කිරිපිටි අලෙවි කළ සහ ඇසුරුම් කළ වෙළෙන්දන්ට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.