අඹන්පොල රෝහල ප්‍රතිසංස්කරණය කරන්නත් පෙර කොවිඩ් රෝගීන් ගෙනත්…

කොවිඩ් ආසාදිතයින් ට ප්‍රතිකාර කිරීම සඳහා අඹන්පොළ ප්‍රාදේශීය රෝහල සුදුසු පරිදි සකස් කරමින් සිටිය දී එක් වරම  ආසාදිතයන් පස් දෙනෙනෙක් සහිතව රෝහලට පැමිණි ගිලන් රථ පෙළක් නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු එම කටයුතු සංවිධානය කරමින් සිටි පිරිස වික්ෂිප්ත වූ පුවතක් අඹන්පොලින් වාර්තා වේ.

රොගීන් සහිත ගිලන් රථ

පෙළ ගැසෙන ආකාරයට සිද්ධිය මෙසේය.

අඹන්පොල ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර රෝහලක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් දියත් වෙමින් තිබිණි.   අනුරාධපුර රෝහලේ  වෛද්‍ය සාරංග සුමතිපාල ,ගල්ගමුව රෝහල් අධ්‍යක්ෂවරිය සහ අඹන්පොළ රෝහලේ  වෛද්‍ය මහින්ද උයන්ගොඩ එක්ව අඹන්පොල රෝහල් පරිශ්‍රයේ සිටියහ.  හදිසියේ එක් වරම කොවිඩ්  ආසාදිතයින් රැගත් ගිලන් රථ කීපයක් අඹන්පොළ රෝහල වෙත  පැමිණියේය.


එයින් කලබල වූ පිරිස රෝහලේ ගේට්ටුව වසා ඔවුන් ගල්ගමුව රෝහල වෙත පිටත් කර යැවීමට කටයුතු කලහ.

ඒ අනුව මේ වනවිට ගල්ගමුව රෝහල් ආසාදිතයින් පස් දෙනෙක් ප්‍රතිකාර ලබන අතර රෝගීන් තිහක්  දක්වා එම රෝහලෙන් ඉදිරියේ ප්‍රතිකාර කෙරෙනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඹන්පොල රෝහල ද ඇඳන් 40ක් සහිතය.  ඉදිරියේදී එයත් කොවිඩ් රෝහලක් බවට පරිවර්තනය වනු ඇත.

Exit mobile version