අමානුෂික ලෙස නවයකන්ට පහර දුන් යාපනේ නවකවදකයන් 7කගේ පන්ති තහනම්…

දිනසේන රතුගමගේ 

යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් පහර දුන් ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට යාපන විශ්ව විද්‍යාලයේ විනය කමිටුව 18 දා තීරණය කොට තිබේ.

යාපනය සරසවිය

2020-10-08 වෙනි දින අවස්ථා කීපයකදීම ජෙයෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන්ට පහර දීම නිසා නවක සිසුන් හය දෙනෙකු තුවාල ලැබූ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් 12 දෙනෙකු චෝදනා ලැබ සිටියහ.

සිසුන් නවකවදයට ලක් කළ අවස්ථාවක්…

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය හා විනය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය නන්දකුමරන්ගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණ්යේ වාර්තාව 18 දා එළි දැක්වුණු අතර එහිදී ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකු වරදකරුවන් බවට පත් වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සිසුන්ගෙන් සිසුන් 4 දෙනෙකුට මාස 6 ක කාලයක පන්ති තහනමක්ද ඉතිරි තුන් දෙනාට වසරක පන්ති තහනමක්ද නියම කොට ඇති අතර මේ කාලයේදී එම සිසුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කොට තිබේ.  ඔවුන් සියළු දෙනාගේම ශිෂ්‍යාධාර ඇතුලු සියළුම පහසුකම් අත් හිටුවා ඇත.

Exit mobile version