අමාත්‍ය තොන්ඩමන් හදිසියේ මියයයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ග්‍රාමීය සම්පත් සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්  අද (26) සවස් යාමයේ   හදිසියේ  අභාවප්‍රාප්ත විය.

අද සවස තම බත්තරමුල්ලේ පිහිටි නිවසේ සිටිය දී අමාත්‍යවරයා එහි පඩිපෙලකින් ඇද වැටී ඇති අතර ඔහුට හෘදයාබාධයක් වැලඳී ඇති බව  වාරතා වෙයි. ඉන්පසුව ඔහු තලංගම රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇතුළත් කරන මොහොතේ ද ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අද අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ   සමඟ රැස්වීමකට ද සහභාගී වී ඇති තොන්ඩමන්   අලුතින් පත්වූ ඉන්දිය ශ්‍රි ලංකා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ   හමුවී  ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සහ වතු ජනතාවගේ නව නිවාස වයාපෘතියක් පිිලිබඳව ද්විපාර්ශ්වීය සාකච්ඡාවක්ද පවත්වා ඇත.
ඉන් පසු සවස් භාගයේ නිවසට පැමිණීමෙන් පසුව මෙම සිදුවීම සිදුව තිබේ.  මිය යන විට 55 වැනි වියේ පසුවූ අමාත්‍ය කොන්ඩමන්   ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා වන අතර එම පක්ෂයේ හිටපු නායක සෞම්‍ය මූර්ති කොන්ඩමන්ගේ මුනුපුරා වෙයි.  මෙහි දැක්වෙන්නේ ඉන්දිය ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිල  ට්විටර් ගිණුමේ  ඔහු තානාපතිවරයා හමුවූ අවස්ථාව පිලිබඳව සටහන් වූ ඡායාරූපයයි.

Exit mobile version