අම්පිටියෙ කඳුමුදුනේදී පුද්ගලයන් 02කට ඇණ ගැසුවෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කපුවෙක්…

ඇණ ගැසු පුද්ගලයන්ගනේ ප්‍රකාශයක්වත් ගන්න බැරි සේ අසාධ්‍යයයි... පොලිසියට ඔත්තුවක් දුන් නිසා වද දුන්නා දැයි සැක..

hand -nailed

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස් කොටයකට තබා ඔවුන් දෙදෙනාගේ දෙයත් වලට පරාල ඇණ ගසා අමානුෂික ලෙස වධ හිංසා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කපුවෙකු ඇතුළු දස දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් පිරිස වෑන් රථයකින් පැමිණ බලගොල්ල ප්‍රදේශයේදී පෙරේදා (26) පෙරවරු 6.30 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර තිබෙන පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකුට පහර දෙමින් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගිය බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායම් පෙරේදා (26) පෙරවරුවේ අදාළ ස්ථානය සොයා මෙහෙයුමක් දියත්කර ඇත. අම්පිටිය ප්‍රදේශයේ සිට කිලෝ මීටර 2 1/2 ක් පමණ දුරින් වූ කඳු මුදුනේ සිටියදී පහර කෑමට ලක්වූ පුද්ගලයින් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

පැහැර ගැනීම සිදුකළ පිරිස මෙම පුද්ගලියින් දෙදෙනාගේ දෙඅත් කොටයකට තබා අල්ල මැදට පරාල ඇණ ගසා පසුව එම ඇණ වල හිස කොටස කියතකින් කපා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ දේවාළයක් පවත්වාගෙන යන්නෙකු බව පොලීසිය පවසයි. පහර කෑමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා පොල්ගොල්ල හා පේරාදෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙන අතර ඔවුන් ප්‍රකාශයක් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන බව පොලීසිය පවසයි.

සැකකරුවන් ප්‍රදේශයේ විහාරස්ථාන ඇතුළු ස්ථාන ගණනාවකින් කප්පම් ගනිමින් කටයුතු කරන නමුත් පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති. අදාළ පුද්ගලයින්ට එරෙහිව පොලීසියට තොරතුරු ලබාදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම පැහැර ගැනීම සිදු කළේද යන්න සම්බන්ධව පොලීසිය සැක පළකරයි.

පහරදීම සිදුකළ පුද්ගල කණ්ඩායමේ ප්‍රධානියාට තමන්ගේ රැකවරණ තිබෙන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

Exit mobile version