අමල් හර්ෂ තනතුරින් ඉවත් කරන බව කියා SMS එකක්වත් ආවෙ නෑ…

කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය  විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

නතාෂා නෙත්මිණි –                                           

ලේකම්වරයාව සිය තනතුරෙන් ඉවත් කරන බවට තමාට කිසිදු ලිඛිත දැනුම් දීමක් තබා  SMS පණීවිඩයක් හෝ නොලැබුණ බව ප්‍රාථමික සෞඛ්‍ය,  සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය  විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ   සඳහන් කරයි.

ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට එන්නත ලබා දීමේ සිදුවීමක් මුල්කර ගනිමින් ලේකම්වරයා සිය තනතුරෙන් ඉවත් කර ඇති බවට ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශය සත්‍යදැයි  විමසූ විට ඇය සඳහන් කළේ එවැනි කථාවක් තමාටද දැන ගැනීමට තිබෙන බවකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලේකම්වරයා විශේෂඥ වෛද්‍යවරයෙක් බැවින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලකිය යුතු කාලයක් සේවය කළ බැවින් කොවිඩ් පාලන කටයුතු පිලිබද ‌මනා අවබෝධයක් තිබුණේ යැයිද ඇය පෙන්වා දුන්නාය.


 

 

 

Exit mobile version