“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

තමන්  ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට සහභාගී වුනේ  හැම අතින්ම වේදනාවට පත් වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් ලබා දීමේ පරමාර්ථයෙන් බවත් කණ්ඩායමක් ලෙස එය ලබා දීමට හැකිවුනු බවත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද ( 28) කටුනාය ගුවන්තොටුපලේ දී මාධ්‍ය අමතා පැවසීය.

බංගලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය එක ලංකාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ආවරණය කිරීමට ගිය මාධ්‍ය අමතා දිමුත් පැවසුවේ මේ මොහොතේ මේ රටේ ජනතාව සමග මේ ජයග්‍රාහී අවස්ථාව සැමරීමට ලැබීම තමන්ගේ ප්‍රාර්ථානාවක් වූ බවය.

“මේ රටේ තත්තවය ගැන අපි අත් විඳිමින් හිටියෙ. ඒ තත්වය දැනගෙනයි අපි මේ ටුවර් එක ගියෙ.  ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ අංක එකේ ක්‍රීඩාව. මොන ප්‍රශ්නය තිබුණත් මොන ගැටලුවක හිටියත් ඔවුන් ක්‍රිකට් අමතක කරන්නෙ නෑ. ඒකයි මට ඕන උනේ මේ ජයග්‍රහණය ඔවුන් එක්ක සමරන්න.  පුංචි සිනාවක්වත් ඔවුන් වෙනුවෙන් දෙන්න පුලුවන්නම් ඒක කරන්න අපි කල්පනා කළා…කණ්ඩායමක් විදිහට අපිට ඒක කරගන්න පුලුවන් වුනා. “

දිමුත් කරුණාරත්න කීවේ එසේය. ඔහු වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක්වීය.


“ මේ තියෙන්නෙ ගොඩාක් මහන්සිවෙලා ගත්ත ජයග්‍රහණයක්.  වේගපන්දු යවන්නන් තමයි තරගාවලියේ සෑහෙන බර ප්‍රමාණයක් ඇද්දේ  කණ්ඩායම වෙනුවෙන්. ජයග්‍රහණය කරා යන්න මාර්ගය සාදා දුන්නෙ ඔවුන්.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඉස්සර අපි දකින බංගාලාදේශ තණතීරුවලට වඩා වෙනස් තනතීරු තමයි අපට ලැබුණෙ. සෑහෙන්න මහන්සිවෙන්න වුනා දඟ පන්දු යවන්නෙකුට කඩුල්ලක් ලබා ගන්න.  කොහොම වුනත් සමස්ථයක් වශයෙන් අපේ දඟ පන්දු යවන්නන් පහළ මට්ටමක තමයි පන්දු යැව්වේ. ඔවුන් හරියට කළා නම් මීටත් වඩා පහසුවෙන් ජයග්‍රහණය අපට ගන්න තිබුණා. දිමුත් කීවේය.

Exit mobile version