අපේ සම්පූර්ණ සහය ශ්‍රි ලංකාවට ! ඉන්දියාව IMF වෙත නිල වශයෙන් දැනුම් දෙයි !

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යූහගතකරණ යෝජනාවන්ට සිය සම්පූර්ණ සහය ලබා දෙන බව ඉන්දියානු රජය මේ වනවිට නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.

ඉන්දීය මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාජ් මිස්රා මේ බව දන්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා වෙත ලිපියක් යවා ඇති අතර එයින් ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තවදුරටත් දන්වා ඇත්තේ ණය ගැනීම් සම්බන්ධයෙන් දැඩි අර්බුදයක ගිලී සිටින ශ්‍රි ලංකාව තමන්ට ණය ලබා දුන් රාජ්‍ය මට්ටමේ සහ පෞද්ගලික ණය හිමියන්ගේ ගෙවීම්වලට අදාල විසඳුමක් ලබා ගැනීමට ශ්‍රිං ලකාව නිලධාරීන් විසින් සිදු කරනු ලබන දැඩි උත්සාහය පිළිබඳව ඉන්දියාවට හොඳ අවබෝධයක් පවතින බවයි.

මේ අනුව ශ්‍රි ලංකාව දැනට ඉන්දියාවෙන් ලබා ගෙන ඇති ණය කල් පිරීමේ කාලය දීර්ඝ කිරීමට , පොලී අනුපාතික අඩු කිරීමට හො ඊට අදාල වෙනත් විසඳුම් මඟින් මධ්‍ය කාලීන ණය දීර්ඝ කාලීන මට්ටමට පත් කිරීම සඳහා ශ්‍රි ලංකාවට ණය ලබා දුන් පැරිස් සමාජය නියෝජනය කරන පාර්ශ්ව සමඟ එක්ව සම්පූර්ණ කැප වීමකට ඉන්දියාව සූදානම් බවයි.

ඉන්දීය ආනයන සහ අපනයන බැංකුව විසින් සිදු කරනු ලබන ණය සහන වැඩසටහන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්වය වැඩසටහන් සමඟ අනුකූල වන ආකාරයෙන් කටයුතු කරන බව පෙන්වා දි ඇති අතර මෙම ලිපිය මඟින ඉන්දීය මුදල් අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත අවධාරණය කර ඇත්තේ ශ්‍රි ලංකාව අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රි ලංකාවට ණය ලබා දුන් සෙසු රටවල් සහ පෞද්ගලික ණය කරුවන්ද මීට සමාන ආකාරයෙන් සිය ණය ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ වීම සුදුසු වන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරනු ලබන මැදිහත්වීම් සඳහා තමන්ද සහය වන බව ඉන්දියාව නිල වශයෙන්ම මූල්‍ය අරමුදල වෙත දැනුම් දී ඇත

Exit mobile version