අපේ “මැණිකේ“ ඉන්දියාවේ මැතිවරණ ව්‍යාපාරයක…

පද පෙළෙහි අරුත් නොදත් නමුත් රිද්මයට, තනුවට හා පද ලාලිත්‍යය නිසා ඉන්දියානු රසිකයන් අතිශය ආකර්ශනයට ලක් කළ මැණිකේ මගේ හිතේ ගීතයේ ප්‍රතිනිර්මාණයක් තීරණාත්මක බෙංගාලි අතුරු මැතිවරණය සඳහා භාවිතා කරමින් තිබේ.

ඒ මමාතා බැනර්ජිගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙනි. විද්වත් වෘත්තිකයෙක් ලෙස වර්ෂ 2011 දී බටහිර බෙංගාලයේ මහඇමතිනිය වන ඇය මේ දක්වා එම ධුරය හොබවන්නීය. ඇය බටහිර බෙංගාලයේ 9 වැනි මහ ඇමති ලෙස ධුරය  දරන්නීය. ඇය මේ අසුනට පත් වූ මුල්ම කාන්තාවය.

සැප්තැම්බර් 30 බබානිපෝර් අතුරු මැතිවරණයෙන්   බටහිර බෙංගාල මහ ඇමතිවරියගේ ජය තහවුරු කිරීම සඳහා  පිය-දූ දෙපළක්  මැණිකේ මෙම ගීත ප්‍රතිනිර්මාණය  කර තිබේ.


නිකුත් වී සතියක් ඇතුළත බෙංගාලි අනුවාදය යූටියුබ් හි ජනප්‍රිය වී ඇත. මුල් ගීතයේ   “මැණිකේ මගේ හීතේ” වෙනුවට “මා, මාති මානුෂ් හිටේ (මව, මව්බිම සහ ජනතාව වෙනුවෙන්)” –  ලෙස ගීතයේ පද යොදා ඇත.

මේ ගීතය ඉදිරිපත් කළ සිය දියණිය අපරජිතා සමඟ බෙංගාලි අනුවාදයේ නිර්මාණකරු වූ  රාජේෂ් චක්‍රවර්ති, එම වීඩියෝව සිය ෆේස්බුක් පිටුවේ බෙදා ගත්තේය.

බැනර්ජි  ගේ අතුරු මැතිවරණ තරඟයට දින කිහිපයකට පෙර මෙම ගීතය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිෂ්පාදකයින් බලාපොරොත්තු වන්නේ එය ලාංකික ගායිකා යොහානි දිලෝකා ද සිල්වාගේ මුල් පිටපත තරම් ජනප්‍රිය වනු ඇති බවය.

Exit mobile version