අපේ ඡන්දෙන් ෆේස්බුක් ගොඩයන හැටි

දැනට කෝටි 5ක් ෆේස්බුක් දැන්වීම්වලට වැයකරලා - වැඩිම වැය බර සජිත්ට

මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් මෙවර තම ප්‍රචාරණ අයවැයෙන් සැලකිය යුතු කොටසක් ෆේස්බුක් සහ ඊට අනුබද්ධ ඉන්ස්ට්‍රග්‍රම් වැනි සමාජ මාධ්‍ය ජාලවලට වැය කොට ඇති බව වාර්තා වේ

පසුගිය මැයි මාසයේ සිට අද දක්වා එම අපේක්ෂකයන් ඇමෙරිකානු ඩොලර් 265,084 එනම් දළ වශයෙන් රුපියල් එය රුපියල් කෝටි 50ක් ඉක්මවන වන අතර ඔවුන් වෙළෙඳ දැන්වීම් 17700ක් සඳහා මෙම මුදල් ආයෝජනය කර ඇති බව ෆේස්බුක් ඇඩ් ලයිබ්රි වෙබ් (Facebook Ad library) අඩවියේ වාර්තාවක් මඟින් හෙළි වේ.

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රචාරණ කටයුතු සීමා වීමත් මැතිවරණ කොමිසම මඟින් මැතිවරණ ප්‍රචාරණයේදී භාවිත කරන සාම්ප්‍රදායික ප්‍රචාරණ ක්‍රමවේද සීමා කිරීම මෙන්ම මෙරට බොහෝ පුද්ගලයන් ස්මාර්ට් ජංගම දුරකථන හරහා වැඩිපුර තොරතුරු ලබා ගැනීමේ පවතින ප්‍රවණතාවත් මත මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව මේ පිළිබඳව අදහස් දක්වන වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රෙය් විශේෂඥයෝ පවසති.


ෆේස්බුක් දැන්වීම් සඳහා ගෙවුණු දින 30ක කාලයක් තුළ වැඩිම වියදමක් සිදු කොට ඇත්තේ සමගි ජන බලවේගයේ නායක සහ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු වැය කොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 11348කි.

දෙවැනියට වැඩිම වැයක් දර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අංගජන් රාමනාදන්ය. ඔහු ඩොලර් 9174ක් වැයකොට ඇත. කොලඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයෙන් තරග වදින රෝසි සේනනායක මහත්මියගේ පුත් කනිෂ්ක සේනානායක තෙවැනි විශාලතම වැය දරා ඇත.

ඒ අනුව ඔහු ඩොලර් 6514ක් වැය කොට ඇත. එමෙනම් ආචාර්ය හර්ෂද සිල්වා ඩොලර් 5641ක්ද, සුනේත්‍රා සමරකොන් ඩොලර් 5524ක්ද , වර්ණන් ගුණරත්න ඩොපලර් 4744ක්ද වැය කොට ඇති අතර අනුර ප්‍රනාන්දු ඩොලර් 4346ක්ද රාජපුත්‍ර වීරසිංහ ඩොලර් 4141ක්ද විජේදාස රාජපක්ෂ ඩොලර් 4107ක්ද වැය කොට ඇති අතර මධුර විතානගේ ඩොලර් 3537ක් ද වැය කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මූලාශ්‍රය

Exit mobile version