අපේක්ෂා රෝහලේ රෝගියෙක් කොවිඩ් ආසාදනයෙන් මිය යයි…

අපේක්ෂා රෝහල

මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පිළිකා රෝගී පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය වීම නිසා අපේක්ෂා රෝහලේ දී මිය ගොස් තිබේ.

 මියගොස් ඇත්තේ  ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.  

මොහු මිය යෑමෙන් පසුව කල පීසි ආර් පරික්ෂණයේදී අනාවරණය වි ඇත්තේ මොහු කොවිඩ් ආසාදිතයෙකු බව යැයිද මේ අනුව නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ගොඩිගමුව පොදු සුසානභූමියේදී මෙම දේහය අද මධ්‍යහනයේ ආදාහන කළ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයාගේ නිවසේ අය නිරෝධායනයට යොමුකර ඇත.  රජය තවමත් මෙම මරණය නිල වශයෙන් වාර්තා කළේ නැත. 

 

 

Exit mobile version