අපි හැමෝගෙම ලොකු අයියා… ඔහුත් අප හැර ගිහින්….

කීර්ති ප්‍රනාන්දු
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක   ඊයේ (23) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගත් කතුවරයකු හා ලේඛකයකු වූ මීමන ප්‍රේමතිලක මහතාගේ දෙටු පුත්‍රයා වන සුනිල් මාධව ප්‍රේමතිලක   මිය යන විට 78 වියේ පසුවිය. ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඔහු විසින් ග්‍රන්ථ රැසක් රචනා කළ අතර හඬනු මැන නිදහස, අන්ධකාරයේ දරුවා, ශ්‍රේෂ්ඨ මොහොමඩ් අලි ගේ කතාව, සත්‍යවාදියෙකුගේ දිනපොත , ශ්‍රී ලාංකික පාඨකයන් ආදරයෙන් වැළඳ ගත් ග්‍රන්ථ කීපයකි.

එසේම සුනිල් මාධවයන් විසින් රචනා කරන ලද සත්‍යවාදියෙකුගේ දිනපොත 80 සහ 90 දසකයේ ශ්‍රී ලාංකීය පුවත්පත් මාධ්‍ය කලාවේ තීරුලිපි රචනාව නව පරිවර්තනයක් ඇති කළේය. දිවයින පුවත්පතේ ඔහු විසින් සංසකරණය කළ අටවැනි පිටුව මාධ්‍ය කලාව තුළ සමාජ චින්තනයේ පරිවර්තනයක් කළ හැකි ආකාරය ගැන රටට ආදර්ශයක් සැපයුවේය.


මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නැගී එන නවක මාධ්‍යවේදීන් හට ගුරු හරුකම් ලබාදුන් සුනිල් මාධවයන් අති දක්ෂ දේශකයෙක් ද විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුනිල් මාධව ප්‍රේමතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

Exit mobile version