අපි සන්තෝසෙන් ඉන්නේ.. දුක ශෝකය නෑ දන්නේ..

පාර්ලිමේන්වේදී දැඩි අවේගශිලී වාග්විලාසයන් සහිත අමාත්‍යවරුන් දෙදෙනකු ද වන මේ මහජන නියෝජිතයන් සිව්දෙනා (මනූෂ නානායක්කාර, විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු) එකට එක් වී ඉතා විනෝදයෙන් යුතුව ගීත ගායනා කරන මේ අවස්ථාව ඔවුන්ට උදා කරදුන්නේ අමාත්‍යංශ ලේකම්වරයකු වන චූලානන්ද පෙරේරා මහතාගේ විශ්‍රම ගැනීම නිමිත්තෙන් පසුගියදා කොළඹ දී පැවති සම්භාෂණයකදීය.

කලක් ආගමන විගමන දෙපාර්තමේනතුවේ ප්‍රධානියා ලෙස මෙන්ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින්ද කටයුතු කර පසුව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ලෙස මෙන්ම නව රජයේ කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු තම නියමිත සේවා කාලය සම්පූර්ණ වීමට පෙර මෙම දෙසැම්බර් 31 වැනිදා සිට විශ්‍රාම ගැනීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශ මෙම මහජන නියෝජිතයන් රකින ආකාරය පිළිබඳවද මෙම ඡායාරූපය කතාවක් කියයි


Exit mobile version