අනූෂා සොනාලි දිවි සැරියෙන් සමුගනී!

90 දශකයේ මේ රටේ ජනප්‍රිය සිනමා නිළියක් වූ අනුෂා සොනාලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට අනූෂා 47 හැවිරිදි වියේ පසු වූවාය.

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බව වාර්තා විය.

හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව  රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.


ඇය මිය යාමට පෙර කලක සිට අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිට ඇත.

1995 වසරේ සරසවි චිත්‍රපට උළෙලේදී හොඳම නැගී එන නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ අනූෂා ප්‍රේක්ෂක සමාජය තුළ සංවාදයට ලක් වූවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෙයිලම්, විසිදැල  ඇතුළු සම්භාවිත සිනමා කෘති රැසකට ඇය දායක වූවාය.

Exit mobile version